යෙසායා 49:6-7

යෙසායා 49:6-7 SCV

උන්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්, මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්‍රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්, මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි. පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.” ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාණන් ද ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නේ, තම ජාතිය විසින් ගර්හා කොට, පිළිකුල් කරන ලද්දාවූත්, පාලකයින්ගේ සේවකයා වූත් තැනැත්තාට ය: “රජවරුන් දැක, නැගිට සිටිනු ඇත. අධිපතීන් ද දැක, වැඳ වැටෙනු ඇත. මන්ද ඔබ තෝරා ගෙන ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වූ විශ්වසනීය ස්වාමින්වහන්සේ වන බැවිනි.”

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 49:6-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය