යෙසායා 49:14-21 - Compare All Versions
යෙසායා 49:14-21 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක. මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය. “තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත. මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය. ඔබේ දරුවෝ කඩිනමින් ආපසු එති; ඔබ බිඳ දැමූවෝ, ඔබ වැනසූවෝ ඔබෙන් ඉවත් ව යති. ඔබේ ඇස් විදහා අවට බලන්න. ඔවුහු සියල්ලෝ එක් වී, ඔබ වෙත එන්නෝ ය. මා ජීවත් වන වග සැබෑ සේ ම, ආභරණ සේ ඔබ ඔවුන් හැම පැලඳ ගනු ඇත. මනාලියක සේ ඔබ ඔවුන් බැඳ ගනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “විනාශ කරන ලද, පාළුවට හැර දමනු ලැබූ ස්ථාන හා ආලාපාළු වූ ඔබේ දේශය දැන් ඔබේ ජනාවාස සඳහා ඇත්තෙන් ම ඉතා පටු ය. ඔබ ගිලගන්නන් ද බෙහෙවින් ඈත ය. ඔබේ වියෝ දුක් කාලයේ දරුවෝ නැවත ඔබට ඇහෙන්නට කතා කරමින්, ‘මෙතැන අපට කොහෙත් ම ඉඩ මදි; පදිංචියට ඉඩකඩ සලසා දෙන්නැ’ යි කියති. එවිට ඔබ, ඔබේ හද තුළ කතා කරමින්, ‘මොවුන් මට උපදවා දුන්නේ කවුරු ද? මම වියෝ දුකට පත් කරනු ලැබ, නිසරු ව, පිටුවහල් ව, ඉවතලනු ලැබ සිටියෙමි. ඉතින් මොවුන් ඇතිදැඩි කළෝ කවුරු ද? බලනු, මම තනි කරනු ලැබීමි. මොවුන් ආවේ කොහේ සිට දැ?’ යි” කියනු ඇත.
යෙසායා 49:14-21 SROV (Sinhala Revised Old Version)
නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි. බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ. නුඹේ දරුවෝ ඉක්මනින් එති; නුඹව විනාශකළ අයද නුඹව පාළුකළ අයද නුඹ වෙතින් අහක්ව යන්නෝය. නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ නටබුන් තැන්ද පාළු ඉඩම්ද විනාශකරනලද නුඹේ දේශයද සැබවින් එහි වැසියන්ට මදි වන්නේය, නුඹ ගිලගත්තෝද දුරුවන්නෝය. නුඹේ දරුවන් නැතිවුණායින් පසු නුඹට ලැබෙන දරුවෝ: මේ ඉඩම මට මදිය, මට වාසයකරන්ට ඉඩ දෙන්නැයි නැවත කියනවා නුඹට ඇසෙනවා ඇත. එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවූවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.
යෙසායා 49:14-21 NRSV (Sinhala New Revised Version)
එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි. එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත. නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති. නුඹව විනාශ කළ අය පලා යති. නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති. මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි: ‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’ විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය. පිටුවහල් ව සිටි කාලයේ දී උපන් අය ‘මේ දේශය අපට ජීවත් වීමට මදි ය. අපට වාසය කිරීමට තව ඉඩකඩ වුවමනා ය’යි නුඹට යම් දවසක දී කියනු ඇත. එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත: ‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද? මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි. මොවුන් ඇති කළේ කවරෙක් ද? මම තනි ව සිටියෙමි. මොවුන් ආවේ කොතැනින් ද?”
යෙසායා 49:14-21 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 49:14-21 NIV (New International Version)
But Zion said, “The LORD has forsaken me, the Lord has forgotten me.” “Can a mother forget the baby at her breast and have no compassion on the child she has borne? Though she may forget, I will not forget you! See, I have engraved you on the palms of my hands; your walls are ever before me. Your children hasten back, and those who laid you waste depart from you. Lift up your eyes and look around; all your children gather and come to you. As surely as I live,” declares the LORD, “you will wear them all as ornaments; you will put them on, like a bride. “Though you were ruined and made desolate and your land laid waste, now you will be too small for your people, and those who devoured you will be far away. The children born during your bereavement will yet say in your hearing, ‘This place is too small for us; give us more space to live in.’ Then you will say in your heart, ‘Who bore me these? I was bereaved and barren; I was exiled and rejected. Who brought these up? I was left all alone, but these—where have they come from?’ ”