යෙසායා 48:4-11 - Compare All Versions

යෙසායා 48:4-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ඔබ කොතරම් මුරණ්ඩු දැයි මම දන්නෙමි. ඔබේ ගෙලෙහි බල නහර යකඩ ය. ඔබේ නළල්තල ලෝකඩ ය. ‘මේවා කළේ මගේ පිළිමය ය. මේවා නියම කළේ, මගේ වාත්තු ප්‍රතිමාව හා ලෝහ දෙවියා යැ’ යි කීමට ඔබට නො හැකි වන පිණිස, බොහෝ ඉහතදී මේ දෑ මම ඔබට කීවෙමි; ඒ දෑ සිදු වන්නට කලින් මම ඒවා ඔබට ප්‍රකාශ කළෙමි. මේ දෑ ඔබ අසා ඇත. ඒ හැම දෙස බලන්න. නුඹ ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැද්ද? “මෙතැන් පටන් මම අලුත් දෑ, ඔබ නො දන්නා සැඟවුණු දෑ ඔබට කියන්නෙමි. ඒවා මවන ලද්දේ දැන් ය. බොහෝ ඉහතදී නො වේ. අද දිනට කලින් ඒවා ගැන ඔබ අසා නැත. එබැවින්, ‘හරි, මම ඒවා දැන සිටියෙමි’ යි කීමට ඔබට නුපුළුවන. ඔබ ඇසුවේ නැත; වටහා ගත්තේ ද නැත. ආදියේ පටන් ඔබේ කන ඇරී තිබුණේ නැත. ඔබ කොතරම් ද්‍රෝහියකුදැයි මම දැන සිටියෙමි. ඔබේ උපතටත් කලින් ඔබ හඳුන්වනු ලද්දේ කැරලිකරුවා යනුවෙනි. මගේ නාමය උදෙසා, මගේ උදහස මම ප්‍රමාද කරමි. මගේ ප්‍රශංසාව උදෙසා ඔබ සිඳ නො දමන පිණිස, ඔබ වෙතින් උදහස මැඩ ගනිමි. ඔන්න, මම ඔබ පවිත්‍ර කළෙමි. එහෙත් රිදී මෙන් නො වේ. විපත්ති-පීඩා උදුනෙහි මම ඔබ සෝදිසි කළෙමි. මන්ද මා මෙසේ කරන්නේ, මා උදෙසා ය. මා උදෙසා ම ය. මගේ නාමය නිග්‍රහයට පත් වීමට මම කෙසේ ඉඩ දෙම් ද? මගේ ගෞරවය කොහෙත් ම වෙන කෙනකුට නො දෙන්නෙමි.

බෙදාගන්න
යෙසායා 48 SCV

යෙසායා 48:4-11 SROV (Sinhala Revised Old Version)

නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්, මම පූර්වයේ පටන් නුඹට දන්වා, එය පැමිණෙන්ට පළමුවෙන් නුඹට ප්‍රකාශකෙළෙමි. එසේ කළේ: මාගේ දේව රූපය ඒවා කෙළේය කියාද මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමයත් ඒවා නියම කෙළේය කියාද නුඹ නොකියන පිණිසය. නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි. පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය. එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි. මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි. බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උදුණේදී නුඹ තෝරාගතිමි. මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.

බෙදාගන්න
යෙසායා 48 SROV

යෙසායා 48:4-11 NRSV (Sinhala New Revised Version)

යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි. නුඹට සිදු වන්න යන දේ, සිදු වන්න බොහෝ කල් තියා, පුරාණයේ සිට ම මම නුඹට දැන්වීමි. මා එසේ දැන්වූයේ, ‘නුඹලාගේ දේව රූප ඒවා සිදු කෙළේ ය’ කියා ද, ‘නුඹලාගේ කැටයම් රූප සහ වාත්තු කළ පිළිම ඒවා කෙළේ ය’ කියා ද නුඹට කියන්න බැරි වන පිණිස ය. මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි. ඒවා සිදු වන්න මා සලස්වන්නේ දැන් ය. පෙර එවැන්නක් සිදු නො වී ය. සිදුවිණි නම්, නුඹලා ඒ ගැන දැන සිටියහු යයි කියනු ඇත. මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය. මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි. ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි. මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය. මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.”

බෙදාගන්න
යෙසායා 48 NRSV

යෙසායා 48:4-11 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 48 SNRV

යෙසායා 48:4-11 NIV (New International Version)

For I knew how stubborn you were; your neck muscles were iron, your forehead was bronze. Therefore I told you these things long ago; before they happened I announced them to you so that you could not say, ‘My images brought them about; my wooden image and metal god ordained them.’ You have heard these things; look at them all. Will you not admit them? “From now on I will tell you of new things, of hidden things unknown to you. They are created now, and not long ago; you have not heard of them before today. So you cannot say, ‘Yes, I knew of them.’ You have neither heard nor understood; from of old your ears have not been open. Well do I know how treacherous you are; you were called a rebel from birth. For my own name’s sake I delay my wrath; for the sake of my praise I hold it back from you, so as not to destroy you completely. See, I have refined you, though not as silver; I have tested you in the furnace of affliction. For my own sake, for my own sake, I do this. How can I let myself be defamed? I will not yield my glory to another.

බෙදාගන්න
යෙසායා 48 NIV