යෙසායා 48:12-16 - Compare All Versions
යෙසායා 48:12-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එම්බා යාකොබ්, මවිසින් කැඳවා ගත් ඉශ්‍රායෙල්, මට සවන් දෙන්න. මමයි උන්වහන්සේ; මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්. පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය. අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය. මා ඒවා කැඳවූ කල, ඒවා එක් ව පෙනී සිටී. “එක් රැස් ව, ඔබ සැවොම අසනු: මේ දේවල් කලින් කීවේ ඔවුන් අතරින් කවුරු ද? ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක; ඔහු බබිලෝනිය පිට උන්වහන්සේගේ අරමුණ මුදුන් පමුණුවනු ඇත. ඔහුගේ බාහුව කල්දිවරුන්ට එරෙහි වනු ඇත. මම, සැබවින් ම මම, කතා කර, ඔහුට හඬ ගැසීමි. මම ඔහු ගෙනෙන්නෙමි. ඔහු තම මාර්ගයේ සඵල වනු ඇත. “මට ළංවන්න. මේ අහන්න: “පටන් ගැන්මේ සිට මා කතා කළේ රහසින් නො වේ. එය සිදු වූ කාලයේ පටන් මම එහි සිටිමි.”
යෙසායා 48:12-16 SROV (Sinhala Revised Old Version)
එම්බා යාකොබ්, මා විසින් කැඳවාගත් තැනැත්තාවූ ඉශ්‍රායෙල්, මට ඇහුම්කන්දෙන්න. මම [සදාකල්] සිටින්නාවූ තැනන්වහන්සේය; මම පළමුවෙනියාය; අන්තිමයාත් මමය. එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය. නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය. මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය. මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක.
යෙසායා 48:12-16 NRSV (Sinhala New Revised Version)
“මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය. පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ. නුඹලා සියලු දෙනා රැස් ව සවන් දෙන්න. මා තෝරාගත් තැනැත්තා බබිලෝනියට පහර දී, මා කියන දේ කරන බවට නුඹලාගේ දෙවිවරුන්ගෙන් කිසිවෙක් වත් අනාවැකියක් කීවෝ ද? ඔහුට කතා කොට, ඔහු කැඳවූ තැනැන් වහන්සේ මම ය. ඔහුට මඟපෙන්වා ජය අත්කර දුන්නේ මම ය. දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.
යෙසායා 48:12-16 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 48:12-16 NIV (New International Version)
“Listen to me, Jacob, Israel, whom I have called: I am he; I am the first and I am the last. My own hand laid the foundations of the earth, and my right hand spread out the heavens; when I summon them, they all stand up together. “Come together, all of you, and listen: Which of the idols has foretold these things? The LORD’s chosen ally will carry out his purpose against Babylon; his arm will be against the Babylonians. I, even I, have spoken; yes, I have called him. I will bring him, and he will succeed in his mission. “Come near me and listen to this: “From the first announcement I have not spoken in secret; at the time it happens, I am there.”