යෙසායා 48:12-16

යෙසායා 48:12-16 SCV

“එම්බා යාකොබ්, මවිසින් කැඳවා ගත් ඉශ්‍රායෙල්, මට සවන් දෙන්න. මමයි උන්වහන්සේ; මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්. පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය. අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය. මා ඒවා කැඳවූ කල, ඒවා එක් ව පෙනී සිටී. “එක් රැස් ව, ඔබ සැවොම අසනු: මේ දේවල් කලින් කීවේ ඔවුන් අතරින් කවුරු ද? ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක; ඔහු බබිලෝනිය පිට උන්වහන්සේගේ අරමුණ මුදුන් පමුණුවනු ඇත. ඔහුගේ බාහුව කල්දිවරුන්ට එරෙහි වනු ඇත. මම, සැබවින් ම මම, කතා කර, ඔහුට හඬ ගැසීමි. මම ඔහු ගෙනෙන්නෙමි. ඔහු තම මාර්ගයේ සඵල වනු ඇත. “මට ළංවන්න. මේ අහන්න: “පටන් ගැන්මේ සිට මා කතා කළේ රහසින් නො වේ. එය සිදු වූ කාලයේ පටන් මම එහි සිටිමි.”