යෙසායා 47:8-15 - Compare All Versions

යෙසායා 47:8-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘මා පමණෙකි; මා හැර අන් කිසිවකු නැත. කිසි දින වැන්දඹුවක නො වන්නෙමි. දරු වියොවින් දුකට පත් නො වෙමි’ යි තමාට ම කියා ගනිමින්, තමන් සුරක්ෂිත යැයි සිතමින්, පස්කම් සැපතට ගැලෙන්නිය, එබැවින් දැන් සවන් දෙන්න. එක් මොහොතක, එක ම දවසක, දරු වියෝවත්, වැන්දඹුකමත් යන දෙක ම නුඹ කරා පැමිණේ. උපරිමයෙන් ම ඒවා නුඹ වෙත එන්නේ, ඒ සා අපමණ නුඹගේ මන්තර ගුරුකම් සහ නුඹගේ ඉන්ද්‍රජාල නො සලකමිනි. නුඹේ දුෂ්ටකමෙහි සුරක්ෂිත යැයි හඟිමින් නුඹ, ‘කවුරුවත් මා දකින්නේ නැතැ’ යි කීවේ ය. නුඹේ ප්‍රඥාවත්, නුඹේ දැනගැන්මත් නුඹ මුළා කළෙන්, ‘ඇත්තේ මා පමණකි; මා හැර අන් කිසිවකු නැතැ’ යි නුඹ නුඹට ම කියා ගත්තේ ය. එනමුදු විපත්තිය නුඹ පිටට එනු ඇත. මන්තරයෙන් එය පලවා හරින්නට නුඹ දැනගන්නේ නැත. ව්‍යසනය නුඹ පිට පතිත වනු ඇත. වන්දියක් ගෙවා, එය වළක්වන්නට නුඹට හැකියාවක් නැත. නුඹ කිසිවක් නො දන්න විනාශයක් හදිසියේ ම නුඹ පිට එනු ඇත. “ගැටවර වියේ පටන් නුඹ මහන්සියෙන් කර ගෙන ආ නුඹේ ඉන්ද්‍රජාල හා අපමණ මන්තර ගුරුකම් දිගට ම කර ගෙන යන්න. ඇතැම් විට නුඹ සඵල වනු ඇත. ඇතැම් විට නුඹ භය උපද්දවනු ඇත. නුඹ ලද සියලු උපදෙස්වලින් නුඹ වෙහෙසට පත් වෙනවා පමණි. ග්‍රහ-තරු ගණින නුඹේ දෛවඥයින්, චන්ද්‍ර මාස බලා, පෙර නිමිති පවසන නුඹේ නැකැත්කරුවන් ඉදිරියට අවුත්, නුඹ ගලවා ගනිත්දෙන්. සැබවින් ම ඔවුන් ඉපනැලි වැන්න. ගින්න, ඔවුන් දවාලනු ඇත. ගිනිදැල්ලේ බලයෙන් තමන් ගලවා ගැනීමට ඔවුනට නො හැකි ය. මේවා, යමකු උණුසුම් කරන ගිනි අඟුරු නො වේ. ගිනි තපින පිණිස වූ ගින්නක් ද නො වේ. බාල වියේ පටන් ඔබ හා පරිශ්‍රම දැරූවන් ද ගනුදෙනු කළවුන් ද වූ ඔවුනට ඔබ උදෙසා කළ හැක්කේ එපමණකි. ඔවුන් හැම කෙනෙක් ම තම තමන්ගේ ම මාවතේ ඉබාගාතෙ යති. ඔබ ගලවන්නට කිසි කෙනකු නැත.

බෙදාගන්න
යෙසායා 47 SCV

යෙසායා 47:8-15 SROV (Sinhala Revised Old Version)

ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න. නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය. මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය. ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්ට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය. ඉතින් නුඹේ බාල වයසේ පටන් නුඹ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ නුඹේ මන්ත්‍රද බොහෝවූ නුඹේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට නුඹට වාසි ලබාගත හැකිවන්නේය, සමහරවිට නුඹ සතුරන්ට භය උපදවන්නෙහිය. නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා. බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය. නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.

බෙදාගන්න
යෙසායා 47 SROV

යෙසායා 47:8-15 NRSV (Sinhala New Revised Version)

‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න. මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත. නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය. ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය. නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක. ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත. ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය. තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”

බෙදාගන්න
යෙසායා 47 NRSV

යෙසායා 47:8-15 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 47 SNRV

යෙසායා 47:8-15 NIV (New International Version)

“Now then, listen, you lover of pleasure, lounging in your security and saying to yourself, ‘I am, and there is none besides me. I will never be a widow or suffer the loss of children.’ Both of these will overtake you in a moment, on a single day: loss of children and widowhood. They will come upon you in full measure, in spite of your many sorceries and all your potent spells. You have trusted in your wickedness and have said, ‘No one sees me.’ Your wisdom and knowledge mislead you when you say to yourself, ‘I am, and there is none besides me.’ Disaster will come upon you, and you will not know how to conjure it away. A calamity will fall upon you that you cannot ward off with a ransom; a catastrophe you cannot foresee will suddenly come upon you. “Keep on, then, with your magic spells and with your many sorceries, which you have labored at since childhood. Perhaps you will succeed, perhaps you will cause terror. All the counsel you have received has only worn you out! Let your astrologers come forward, those stargazers who make predictions month by month, let them save you from what is coming upon you. Surely they are like stubble; the fire will burn them up. They cannot even save themselves from the power of the flame. These are not coals for warmth; this is not a fire to sit by. That is all they are to you— these you have dealt with and labored with since childhood. All of them go on in their error; there is not one that can save you.

බෙදාගන්න
යෙසායා 47 NIV