යෙසායා 46:8-13 - Compare All Versions
යෙසායා 46:8-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු. මනසේ එය සවි කර ගනු. ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න. මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත. මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි. මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි. ‘මගේ අරමුණ දිගට ම පවතී. මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි. නැගෙනහිර සිට මම, ගිජු පක්ෂියෙකු කැඳවන්නෙමි; මගේ අරමුණ ඉටු කරන්නට, දුර ඈත දේශයකින් මිනිසකු කැඳවන්නෙමි. මා පැවසූ දෑ මම ඉටුවන්නට සලසමි. මා සැලසුම් කළ දෑ මම සිදු කරමි. මුරණ්ඩු හදවත් ඇත්තෙනි, දමිටුකමින් දුරස්ථ ව සිටින්නෙනි, මට සවන් දෙනු. මම මගේ දමිටුකම ළඟා කරන්නෙමි. එය ඈත එපිට නො වේ. මගේ ගැලවීම පමා නො වේ. මගේ ගැලවීම සියොනටත්, මගේ තේජශ්‍රීය ඉශ්‍රායෙලයටත් මම ප්‍රදාන කරන්නෙමි.
යෙසායා 46:8-13 SROV (Sinhala Revised Old Version)
මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න. පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය. මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි. ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න. මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.
යෙසායා 46:8-13 NRSV (Sinhala New Revised Version)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි. මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය. ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න. ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”
යෙසායා 46:8-13 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 46:8-13 NIV (New International Version)
“Remember this, keep it in mind, take it to heart, you rebels. Remember the former things, those of long ago; I am God, and there is no other; I am God, and there is none like me. I make known the end from the beginning, from ancient times, what is still to come. I say, ‘My purpose will stand, and I will do all that I please.’ From the east I summon a bird of prey; from a far-off land, a man to fulfill my purpose. What I have said, that I will bring about; what I have planned, that I will do. Listen to me, you stubborn-hearted, you who are now far from my righteousness. I am bringing my righteousness near, it is not far away; and my salvation will not be delayed. I will grant salvation to Zion, my splendor to Israel.