යෙසායා 46:8-10
යෙසායා 46:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු. මනසේ එය සවි කර ගනු. ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න. මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත. මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි. මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි. ‘මගේ අරමුණ දිගට ම පවතී. මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි.
යෙසායා 46:8-10 Sinhala Revised Old Version (SROV)
මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න. පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
යෙසායා 46:8-10 Sinhala New Revised Version (NRSV)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
යෙසායා 46:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
යෙසායා 46:8-10 New International Version (NIV)
“Remember this, keep it in mind, take it to heart, you rebels. Remember the former things, those of long ago; I am God, and there is no other; I am God, and there is none like me. I make known the end from the beginning, from ancient times, what is still to come. I say, ‘My purpose will stand, and I will do all that I please.’