යෙසායා 46:5-7 - Compare All Versions

යෙසායා 46:5-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඔබ, මා සසඳන්නේ කවරකුට ද? මා හා සමාන යයි සැලකෙන්නේ කවුරු ද? අප සසඳා බලන පිණිස, ඔබ මා සමාන කරන්නේ කවරකුට ද? තම පසුම්බියෙන් රත්රන් බහුල ව වගුරු වන ඇතැම්හු තරාදිවලින් රිදී කිරා දෙමින්, රන්කරුවකු කුලියට ගෙන, එයින් දෙවියකු සාදා ගෙන, ඉන්පසු ඊට වැඳ වැටෙමින්, නමදිති. ඔවුහු එය ඔසවා, කරපිටින් ගෙන ගොස්, ඊට නියමිත තැන පිහිටුවති. සිට වූ තැන ම රඳනු විනා, එතැනින් සෙලවෙන්නට වත් ඊට බැරි ය. යමකු ඊට මොර ගසා කතා කළත්, එය පිළිතුරු නො දෙයි. ඔහුගේ විපතින් ඔහු මුදන්නට ඊට නුපුළුවන.

බෙදාගන්න
යෙසායා 46 SCV

යෙසායා 46:5-7 SROV (Sinhala Revised Old Version)

අප එකාකාර වන සේ නුඹලා මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද? වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති. ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.

බෙදාගන්න
යෙසායා 46 SROV

යෙසායා 46:5-7 NRSV (Sinhala New Revised Version)

නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද? වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති. ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.

බෙදාගන්න
යෙසායා 46 NRSV

යෙසායා 46:5-7 SNRV (Sinhala New Revised Version 2018)

නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද? වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති. ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.

බෙදාගන්න
යෙසායා 46 SNRV

යෙසායා 46:5-7 NIV (New International Version)

“With whom will you compare me or count me equal? To whom will you liken me that we may be compared? Some pour out gold from their bags and weigh out silver on the scales; they hire a goldsmith to make it into a god, and they bow down and worship it. They lift it to their shoulders and carry it; they set it up in its place, and there it stands. From that spot it cannot move. Even though someone cries out to it, it cannot answer; it cannot save them from their troubles.

බෙදාගන්න
යෙසායා 46 NIV