යෙසායා 44:21-23 - Compare All Versions
යෙසායා 44:21-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මේ දෑ සිහි කරන්න. එම්බා යාකොබ්, එම්බා ඉශ්‍රායෙල්, මන්ද ඔබ මගේ සේවකයා ය. එම්බා ඉශ්‍රායෙල්, මම ඔබ සෑදීමි. ඔබ මගේ සේවකයා ය. මවිසින් ඔබ අමතක කරනු ලබන්නේ නැත. මම ඔබේ අපරාධ වලාකුළක් මෙන් ද ඔබේ පාප මී-දුම මෙන් ද පහ කර දැමුවෙමි. මා වෙත ආපසු එන්න. මම ඔබ මුදා ගත්තෙමි.” එම්බා ස්වර්ගයෙනි, ගී ගයන්න. මන්ද ස්වාමින්වහන්සේ මේ දේ කළ සේක. ඝෝෂා කරන්න. එම්බා පොළෝ ගැඹුරෙනි, එම්බා කඳුකරයෙනි, වනාන්තරයෙනි, සියලු වෘක්ෂලතාවනි, ගී රාව නගන්න. මන්ද යාකොබ් මිදූ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්හි තේජසට පත් කෙරේ.
යෙසායා 44:21-23 SROV (Sinhala Revised Old Version)
එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය. මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි. ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
යෙසායා 44:21-23 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි. මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න. ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
යෙසායා 44:21-23 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි. මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න. ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
යෙසායා 44:21-23 NIV (New International Version)
“Remember these things, Jacob, for you, Israel, are my servant. I have made you, you are my servant; Israel, I will not forget you. I have swept away your offenses like a cloud, your sins like the morning mist. Return to me, for I have redeemed you.” Sing for joy, you heavens, for the LORD has done this; shout aloud, you earth beneath. Burst into song, you mountains, you forests and all your trees, for the LORD has redeemed Jacob, he displays his glory in Israel.