යෙසායා 44:21-23

යෙසායා 44:21-23 SCV

“මේ දෑ සිහි කරන්න. එම්බා යාකොබ්, එම්බා ඉශ්‍රායෙල්, මන්ද ඔබ මගේ සේවකයා ය. එම්බා ඉශ්‍රායෙල්, මම ඔබ සෑදීමි. ඔබ මගේ සේවකයා ය. මවිසින් ඔබ අමතක කරනු ලබන්නේ නැත. මම ඔබේ අපරාධ වලාකුළක් මෙන් ද ඔබේ පාප මී-දුම මෙන් ද පහ කර දැමුවෙමි. මා වෙත ආපසු එන්න. මම ඔබ මුදා ගත්තෙමි.” එම්බා ස්වර්ගයෙනි, ගී ගයන්න. මන්ද ස්වාමින්වහන්සේ මේ දේ කළ සේක. ඝෝෂා කරන්න. එම්බා පොළෝ ගැඹුරෙනි, එම්බා කඳුකරයෙනි, වනාන්තරයෙනි, සියලු වෘක්ෂලතාවනි, ගී රාව නගන්න. මන්ද යාකොබ් මිදූ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්හි තේජසට පත් කෙරේ.