යෙසායා 42:10-17 - Compare All Versions
යෙසායා 42:10-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පොළොවේ ඈත සීමා වෙත සිට උන්වහන්සේගේ ප්‍රශංසාවන් ගැන ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගායනා කරන්න. මුහුදු යන, එය පුරවන සියල්ලෙනි, මුහුදු දූපත් හා ඒවායේ වෙසෙන්නෙනි, පාළුකරය හා එහි ඇති නගර, කේදාර්වරුන් වෙසෙන ගම්මාන තමන්ගේ කටහඬින් උස් හඬ නගත්වා! සෙලාහි වාසය කරන්නන් ප්‍රීතියෙන් ගී ගයත්වා! ඔවුහු කඳු මුදුන්හි සිට කෑ ගසත්වා! ඔවුහු ස්වාමින්වහන්සේට ගෞරව මහිම දෙමින්, උන්වහන්සේගේ ප්‍රශංසාව මුහුදු දිවයින් තුළ ප්‍රකාශ කරත්වා! ස්වාමින්වහන්සේ යුද බලවතකු සේ, පිටතට යන සේක. සටන්කරුවකු සේ, තම උද්වේගය පුබුදන සේක. උන්වහන්සේ මොර ගසන සේක. රණ හඬ නංවන සේක්, උන්වහන්සේගේ සතුරනට එරෙහිව තම පරාක්‍රමය පෙන්වන සේක. මන්ද දිගු කලක් මම මගේ සාමය දරා සිටියෙමි. මම නිසොල්මන් ව, මා මැඩපවත්වා ගනිමින් සිටියෙමි. එහෙත් දැන්, කාන්තාවක තම දරු ප්‍රසුතියේදී මෙන්, කෑ මොර දෙමි; අපහසුවෙන් හුස්ම ගනිමි; හති දමමි. කඳු හා හෙල් මම පාළුවට යවන්නෙමි. එහි ගහ කොළ මම වියළවා දමන්නෙමි. මම ගංගා, දූපත් බවට හරවා, දිය පොකුණු හින්දවා දමන්නෙමි. ඔවුන් නො දන්නා මාර්ගයකින් මම අන්ධයින් කැඳවාගෙන යන්නෙමි. නුහුරු නුපුරුදු මාවත්හි මම ඔවුන්ට මග පෙන්වන්නෙමි. මම අන්ධකාරය ඔවුන් ඉදිරියෙහි ආලෝක කර, රළු තැන් සුමුදු කරන්නෙමි. මා කරන දෑ මේවායි; මා ඔවුන් අත්හරින්නේ නැත. එහෙත්, වාත්තු පිළිම තුළ විශ්වාසය තබන, “මගේ දෙවියො ඔබ යැ” යි ලෝහ පිළිමවලට කියන අය ඉමහත් ලජ්ජාවෙන් ආපස්සට හරවනු ලබති.
යෙසායා 42:10-17 SROV (Sinhala Revised Old Version)
මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරන්න. කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා. ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා. ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක. මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි. මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි. අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි. රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.
යෙසායා 42:10-17 NRSV (Sinhala New Revised Version)
සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න. කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා! ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා! සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි. ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි. මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි. අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි. රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”
යෙසායා 42:10-17 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 42:10-17 NIV (New International Version)
Sing to the LORD a new song, his praise from the ends of the earth, you who go down to the sea, and all that is in it, you islands, and all who live in them. Let the wilderness and its towns raise their voices; let the settlements where Kedar lives rejoice. Let the people of Sela sing for joy; let them shout from the mountaintops. Let them give glory to the LORD and proclaim his praise in the islands. The LORD will march out like a champion, like a warrior he will stir up his zeal; with a shout he will raise the battle cry and will triumph over his enemies. “For a long time I have kept silent, I have been quiet and held myself back. But now, like a woman in childbirth, I cry out, I gasp and pant. I will lay waste the mountains and hills and dry up all their vegetation; I will turn rivers into islands and dry up the pools. I will lead the blind by ways they have not known, along unfamiliar paths I will guide them; I will turn the darkness into light before them and make the rough places smooth. These are the things I will do; I will not forsake them. But those who trust in idols, who say to images, ‘You are our gods,’ will be turned back in utter shame.