යෙසායා 40:21-26 - Compare All Versions

යෙසායා 40:21-26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? පටන් ගැන්මේ සිට ඒ වග ඔබට දන්වා නැති ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ වටහා ගෙන නැද්ද? ඒ පෘථිවි චක්‍රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය. එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න. අහස් කුස උඩු වියනක් සේ දිග හරින, වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය. උන්වහන්සේ අධිපතීන් බිංදුවට බස්සවන සේක. පොළොවේ පාලකයින් හිස් බවට පමුණු වන සේක. ඔවුන් සිටුවනු ලැබූ විගස– ඔවුන් වපුරනු ලැබූ විගස– ඔවුන් පොළොවෙහි මුල් ඇද්ද විගස– උන්වහන්සේ ඔවුනට පිඹින සේක. ඔවුහු වියළී යති. සුළි සුළඟින් ඔවුන් ගසා ගෙන යනු ලබන්නේ බොල් පොතු පරිද්දෙනි. “එසේ නම් ඔබ මා සසඳනුයේ කවරකුට ද? මා හා එක සමාන කවුරුන් දැ?” යි ශුද්ධ තැනැන්වහන්සේ අසන සේක. ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න. මේ සියල්ල මැවුවේ කවුරු ද? තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්, ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය. උන්වහන්සේගේ මහත් බලය හා ප්‍රබල ශක්තිය නිසා, ඒ එකකුදු නැති වන්නේ නැත.

බෙදාගන්න
යෙසායා 40 SCV

යෙසායා 40:21-26 SROV (Sinhala Revised Old Version)

නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද? පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්, අධිපතීන් නාස්තියට පමුණුවන්නෙත්, පොළොවේ විනිශ්චයකාරයන් හිස්කමක් කරන්නෙත් උන්වහන්සේය. එසේය, ඔවුන් සිටවනු ලැබූ වහාම, වපුරනු ලැබූ වහාම, එසේය, ඔවුන්ගේ කඳ පොළොවෙහි මුල් ඇද්ද වහාම, උන්වහන්සේ ඔවුන්ට පිඹිනසේක, ඔව්හු වියළෙති, ඉපනැලි මෙන් ඔව්හු සුළිහුළඟට ගහගනයති. ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක. නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.

බෙදාගන්න
යෙසායා 40 SROV

යෙසායා 40:21-26 NRSV (Sinhala New Revised Version)

ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද? ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක. අධිපතීන් නැති නාස්ති කරන්නේත්, ලොවේ පාලකයන් සුණු විසුණු කරන්නේත්, එතුමාණෝ ය. ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය. සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත; ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත. සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද? අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.

බෙදාගන්න
යෙසායා 40 NRSV

යෙසායා 40:21-26 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 40 SNRV

යෙසායා 40:21-26 NIV (New International Version)

Do you not know? Have you not heard? Has it not been told you from the beginning? Have you not understood since the earth was founded? He sits enthroned above the circle of the earth, and its people are like grasshoppers. He stretches out the heavens like a canopy, and spreads them out like a tent to live in. He brings princes to naught and reduces the rulers of this world to nothing. No sooner are they planted, no sooner are they sown, no sooner do they take root in the ground, than he blows on them and they wither, and a whirlwind sweeps them away like chaff. “To whom will you compare me? Or who is my equal?” says the Holy One. Lift up your eyes and look to the heavens: Who created all these? He who brings out the starry host one by one and calls forth each of them by name. Because of his great power and mighty strength, not one of them is missing.

බෙදාගන්න
යෙසායා 40 NIV