යෙසායා 40:21-26
යෙසායා 40:21-26 SCV
ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? පටන් ගැන්මේ සිට ඒ වග ඔබට දන්වා නැති ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ වටහා ගෙන නැද්ද? ඒ පෘථිවි චක්‍රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය. එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න. අහස් කුස උඩු වියනක් සේ දිග හරින, වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය. උන්වහන්සේ අධිපතීන් බිංදුවට බස්සවන සේක. පොළොවේ පාලකයින් හිස් බවට පමුණු වන සේක. ඔවුන් සිටුවනු ලැබූ විගස– ඔවුන් වපුරනු ලැබූ විගස– ඔවුන් පොළොවෙහි මුල් ඇද්ද විගස– උන්වහන්සේ ඔවුනට පිඹින සේක. ඔවුහු වියළී යති. සුළි සුළඟින් ඔවුන් ගසා ගෙන යනු ලබන්නේ බොල් පොතු පරිද්දෙනි. “එසේ නම් ඔබ මා සසඳනුයේ කවරකුට ද? මා හා එක සමාන කවුරුන් දැ?” යි ශුද්ධ තැනැන්වහන්සේ අසන සේක. ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න. මේ සියල්ල මැවුවේ කවුරු ද? තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්, ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය. උන්වහන්සේගේ මහත් බලය හා ප්‍රබල ශක්තිය නිසා, ඒ එකකුදු නැති වන්නේ නැත.

