යෙසායා 38:1-8 - Compare All Versions

යෙසායා 38:1-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය. එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය. එවිට ස්වාමින්වහන්සේගේ වචනය, යෙසායා වෙත පැමිණියේ ය. “ගොස්, හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. ඔන්න මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මම මේ පුරවරය සුරකින්නෙමි. “ ‘ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ උන්වහන්සේ ඉටු කරන බවට ස්වාමින්වහන්සේ ඔබට දෙන ලකුණ මෙයයි; මෙන්න ආහාස්ගේ හෝරා දක්න පඩි පෙළ මතට වැටෙන, බැස යන හිරු-සෙවණැල්ල, පියවර දහයක් ආපස්සට යන්නට මම සලස්සමි.’ ” එබැවින් හිරු, පඩි පෙළෙහි පියවර දහයක් ආපස්සට ගියේ ය.

බෙදාගන්න
යෙසායා 38 SCV

යෙසායා 38:1-8 SROV (Sinhala Revised Old Version)

ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය. එවිට හෙසකියා තමාගේ මුහුණ භිත්තිය දෙසට හරවාගෙන ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙසායා වෙතට පැමිණ කියනුයේ: නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි. මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි. ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: බලව, ආහාස්ගේ හෝරා-යන්ත්‍ර මණ්ඩලය පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට යන්ට සලස්වන්නෙමියි කියන්නැයි කීවේය. එසේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් අංශක දසයක් පස්සට හැරී ආවේය.

බෙදාගන්න
යෙසායා 38 SROV

යෙසායා 38:1-8 NRSV (Sinhala New Revised Version)

ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය. එවිට සමිඳාණන් වහන්සේ යෙසායාට අණ කරමින්, හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළ සේක: “නුඹේ ආදි පියා වූ දාවිත් රජුගේ දෙවි ස්වාමීන් වන මම නුඹේ යාච්ඤාව ඇසීමි; නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු පහළොවක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි. මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.” යෙසායා කතා කොට, “අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, “එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය. හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය. යෙසායා පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ සිය පොරොන්දුව ඉටුකරන බවට ඔබට ලකුණක් දෙන සේක. එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය.

බෙදාගන්න
යෙසායා 38 NRSV

යෙසායා 38:1-8 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 38 SNRV

යෙසායා 38:1-8 NIV (New International Version)

In those days Hezekiah became ill and was at the point of death. The prophet Isaiah son of Amoz went to him and said, “This is what the LORD says: Put your house in order, because you are going to die; you will not recover.” Hezekiah turned his face to the wall and prayed to the LORD, “Remember, LORD, how I have walked before you faithfully and with wholehearted devotion and have done what is good in your eyes.” And Hezekiah wept bitterly. Then the word of the LORD came to Isaiah: “Go and tell Hezekiah, ‘This is what the LORD, the God of your father David, says: I have heard your prayer and seen your tears; I will add fifteen years to your life. And I will deliver you and this city from the hand of the king of Assyria. I will defend this city. “ ‘This is the LORD’s sign to you that the LORD will do what he has promised: I will make the shadow cast by the sun go back the ten steps it has gone down on the stairway of Ahaz.’ ” So the sunlight went back the ten steps it had gone down.

බෙදාගන්න
යෙසායා 38 NIV