යෙසායා 29:9-10 - Compare All Versions
යෙසායා 29:9-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බිරංතට්‍ටු වී, නුඹලා ම විස්මපත් වෙයල්ලා. තමන් ම අන්ධ කර ගෙන, අන්ධ ව සිටිල්ලා. බීමත් වෙයල්ලා. හැබැයි මිදි යුෂවලින් නො වේ. වැනි වැනී ගමන් කරපල්ලා. හැබැයි සුරාමතින් නො වේ. ස්වාමින්වහන්සේ ගැඹුරු නින්දක ආත්මයක් නුඹ පිට පමුණුවා ඇත. ඔබේ ඇස වූ අනාගතවක්තෘවරුන් උන්වහන්සේ මුද්‍රා තබා ඇත; ඔබේ හිස වූ පේන කියන්නන් උන්වහන්සේ වසා දමා ඇත.
යෙසායා 29:9-10 SROV (Sinhala Revised Old Version)
නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.
යෙසායා 29:9-10 NRSV (Sinhala New Revised Version)
ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න. සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
යෙසායා 29:9-10 SNRV (Sinhala New Revised Version 2018)
ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න. සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
යෙසායා 29:9-10 NIV (New International Version)
Be stunned and amazed, blind yourselves and be sightless; be drunk, but not from wine, stagger, but not from beer. The LORD has brought over you a deep sleep: He has sealed your eyes (the prophets); he has covered your heads (the seers).