යෙසායා 26:1-4
යෙසායා 26:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ යූදා දේශයේ මේ ගීතය ගායනා කෙරෙනු ඇත: අපට ප්රබල පුරවරයක් ඇත. උන්වහන්සේ ගැලවීම පිහිටුවන්නේ පවුරු හා කොටු තාප්ප වශයෙනි. ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න. ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්, ස්ථිර සිත ඇති තැනැත්තා, ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත. ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න. මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය.
යෙසායා 26:1-4 Sinhala Revised Old Version (SROV)
ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.
යෙසායා 26:1-4 Sinhala New Revised Version (NRSV)
ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය. හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක. සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
යෙසායා 26:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය. හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව. තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක. සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
යෙසායා 26:1-4 New International Version (NIV)
In that day this song will be sung in the land of Judah: We have a strong city; God makes salvation its walls and ramparts. Open the gates that the righteous nation may enter, the nation that keeps faith. You will keep in perfect peace those whose minds are steadfast, because they trust in you. Trust in the LORD forever, for the LORD, the LORD himself, is the Rock eternal.