යෙසායා 25:1-5 - Compare All Versions

යෙසායා 25:1-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ දෙවියන්වහන්සේ ය. මම ඔබ උසස් කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. මන්ද ඈත අතීතයේ සැලසුම් කළ ආශ්චර්යවත් දෑ, පරිපූර්ණ විශ්වාසී භාවයෙන් යුතු ව ඔබ ඉෂ්ට කළ සේක. මන්ද ඔබ, පුරවරය, ගල් කැබලි ගොඩක් ද බළකොටු-පුරවරය, සුන්බුන් ගොඩක් ද කළ සේක. විදේශීන්ගේ බළකොටුව, තවදුරටත් පුරවරයක් නො වන තැනට පත් කළ සේක. යළි කිසි දින එය ගොඩ නගනු නො ලැබේ. එබැවින් බලවත් ජනයා, ඔබට ගෞරවය දෙනු ඇත. කුරිරු ජාතීන්ගේ පුරවර ද ඔබට භය වනු ඇත. දුගියාට ඔබ රක්ෂස්ථානයක් ව සිටි සේක්, දිළින්දාට ඔහුගේ විපතේදී ඔබ ඔහුට රක්ෂා ස්ථානයක් වූයේ කුණාටුවේදී ආවරණයක් ද ගිනියම් වේලෙහි සෙවණක් ද වෙමිනි. මන්ද කුරිරු මිනිසුන්ගේ හුස්ම, තාප්පයකට ගැසූ කුණාටුවක් සේ ද කාන්තාරයේ ගිනියම් උණුසුම ද සේ විණ. විදේශීන්ගේ ගාලගෝට්ටිය ඔබ නිහඬ කළේ, වලාකුළක සෙවණැල්ලෙන් උෂ්ණයේ සැර බාල කරන්නා සේ, කුරිරු මිනිසුන්ගේ ගීතය නිහඬ කරමිනි.

බෙදාගන්න
යෙසායා 25 SCV

යෙසායා 25:1-5 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක. එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය. එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය. මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක. වියළි තැනක ග්‍රීෂ්මය මෙන් ඔබ අන් දේශක්කාරයන්ගේ ඝෝෂාව පහකරනසේක; වලාකුළක සෙවණ කරණකොටගෙන ග්‍රීෂ්මය පහවයන්නාක්මෙන් භයානකයන්ගේ ජයගීය යටත්කරනු ලැබේ.

බෙදාගන්න
යෙසායා 25 SROV

යෙසායා 25:1-5 NRSV (Sinhala New Revised Version)

සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය. ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි. ඔබ පුදුම දේ කර ඇත. පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක. ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ. බලවත් ජාතීන්ගේ සෙනඟ ඔබට ගෞරව කරති. කුරිරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි. දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක. නපුරු අය ශීත සෘතුවේ කුණාටුවක් මෙන් ද වියළි දේශයක නියඟයක් මෙන් ද ඔවුන්ට පහර දෙති. එහෙත් සමිඳුනි, වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන් ද නපුරු සෙනඟගේ කෑමොරගැසීම් ද නිහඬ කළ සේක.

බෙදාගන්න
යෙසායා 25 NRSV

යෙසායා 25:1-5 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 25 SNRV

යෙසායා 25:1-5 NIV (New International Version)

LORD, you are my God; I will exalt you and praise your name, for in perfect faithfulness you have done wonderful things, things planned long ago. You have made the city a heap of rubble, the fortified town a ruin, the foreigners’ stronghold a city no more; it will never be rebuilt. Therefore strong peoples will honor you; cities of ruthless nations will revere you. You have been a refuge for the poor, a refuge for the needy in their distress, a shelter from the storm and a shade from the heat. For the breath of the ruthless is like a storm driving against a wall and like the heat of the desert. You silence the uproar of foreigners; as heat is reduced by the shadow of a cloud, so the song of the ruthless is stilled.

බෙදාගන්න
යෙසායා 25 NIV