යෙසායා 2:1-22 - Compare All Versions
යෙසායා 2:1-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යූදා සහ යෙරුසලම සම්බන්ධ ව, ආමෝස්ගේ පුත්‍ර යෙසායාගේ වචනය මේ ය: අවසන් දවස්හි දී ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද, කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය. කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ. සියලු ජාතීහු ඒ වෙත ගලා එන්නෝ ය. බොහෝ ජනයා අවුත්, “එන්න, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු. යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු. ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස, උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත. මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද ස්වාමින්වහන්සේගේ වචනය, යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කරන සේක. බොහෝ ජනයින් උදෙසා ආරවුල් සමථය කරන සේක. ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත. ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්, තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. එම්බා යාකොබ් වංශය, එන්න! අපි ස්වාමින්වහන්සේගේ ආලෝකයෙහි ඇවිදිමු. ස්වාමින්වහන්සේගේ ඔබවහන්සේ, යාකොබ් වංශය වන ඔබේ ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පෙරදිග මිථ්‍යාවලින් පිරිලා ය. පිලිස්තිවරුන් මෙන් ඔවුහු පේන කියති. විදෙස්සන් සමඟ අත්වැල් බැඳ ගනිති. ඔවුන්ගේ දේශය රනින් ද රිදීයෙන් ද පුරවා ඇත; ඔවුන්ගේ වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයින්ගෙන් පිරී ඇත. ඔවුන්ගේ අශ්ව-රථ ද නිමක් නැත. ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔවුහු තම අතැඟිලිවලින් තැනූ, තම දෑතේ වැඩ ඉදිරියේ ම වැඳ වැටෙති. එබැවින් මිනිසා පහත් කරනු ලැබේ; සියලු දෙනා යටහත් කරවනු ලැබේ. ඔවුනට කමා නො කරන්න. ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද අහක් ව, පර්වතවලට වැද, දූවිල්ලේ සැඟවෙන්න. මිනිසාගේ උඩඟු බැල්ම යටත් කරනු ලැබේ. මිනිසුන්ගේ මහ අහංකාරය යටහත් කරනු ලැබේ. ඒ දවසේ ස්වාමින්වහන්සේ පමණක් ම උසස් කරනු ලබන සේක. සේනාංකවල ස්වාමින්වහන්සේට දවසක් ඇත. ඒ, සියලු අහංකාරීන්ට හා උඩඟු වූවන්ට එරෙහිව ය. උසස් කර ගනු ලබන සියල්ලනට එරෙහිව ය. එය පහතට හෙළනු ලැබේ. ඒ, උසස් කරනු ලැබුවාවූත්, උඩඟුවූත් ලෙබනොන්හි සියලු දේවදාර ගස්වලට එරෙහිව ය. බාෂාන්හි සියලු ආලෝන් ගස්වලට එරෙහිව ය. උස් කඳු සියල්ලට හා නැගී සිටින සියලු කඳු ගැටවලට එරෙහිව ය. හැම උස් කුලුනකට හා හැම ආරක්ෂිත පවුරකට එරෙහිව ය. තර්ෂිෂ්හි හැම නැවකට හා අලංකාර හැම යාත්‍රාවකට එරෙහිව ය. මිනිසාගේ උඩඟුව පහත් කරනු ලැබේ. මිනිසුන්ගේ අහංකාරය ද යටහත් කරනු ලැබේ. ඒ දවසේ ස්වාමින්වහන්සේ පමණක් ම උසස් කරනු ලබන සේක. පිළිම රූප සහමුලින් ම අන්තර්ධාන වනු ඇත. උන්වහන්සේ පොළොව භය ගන්වන්නට නැගිටින කල, ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද පර්වතවල ගුහාවලටත්, පොළෝ කුහරවලටත් ජනයා ඇතුළු වනු ඇත. තමන් වැඳ වැටෙන පිණිස ඔවුන් සාදා ගත් ඔවුන්ගේ රිදී පිළිම හා ඔවුන්ගේ රන් පිළිම, ඒ දවසේ මිනිස්සු ඌරුමීයන්ට හා වවුලන්ට ඉවත වීසි කර දමන්නේ, පොළොව භය ගන්වන්නට උන්වහන්සේ නැගිටින කල, ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද පර්වතවල බිංගෙවලටත්, පර්වත කුටිවල විවරවලටත් රිංගාගනු පිණිස ය. නාස් පුඩුවල හුස්ම ටික පමණක් ඇති මිනිසා කෙරේ සැලකීම නවතන්න. මන්ද කුමක් ද ඔහුට ඇති ඔහුගේ වටිනාකම?
යෙසායා 2:1-22 SROV (Sinhala Revised Old Version)
යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටු කාරණයය. මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය. උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත. අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේගේ එළියෙහි ගමන්කරමු. ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති. ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තුවලට කෙළවරක්ද නැත; ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ, ඔවුන්ගේ රථද කෙළවරක් නැතුව තිබේ. ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති. මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමානූව මැනව. නුඹ පර්වතයට ඇතුල්වී ස්වාමීන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න. මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය. මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද උස්වූ උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස්වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස්වලට විරුද්ධවද; උස්වූ කඳුවලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල්වලට විරුද්ධවද; උස්වූ සියලු කොත්වලට විරුද්ධවද සුරක්ෂිත සියලු පවුරුවලට විරුද්ධවද; තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස, සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය. මෙසේ මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය. පිළිම සහමුලින්ම පහවන්නේය. පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය. පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස, මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය. තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?
යෙසායා 2:1-22 NRSV (Sinhala New Revised Version)
ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය: මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය. බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය. මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු. සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති. ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත. ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති. මේ නිසා සියලුදෙනා නින්දාවටත්, ලජ්ජාවටත් පත් වනු ඇත. සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව. සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක; බාෂාන්හි ඇති ආලෝන ගස් ද උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක; තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක. ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය. සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති. සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?
යෙසායා 2:1-22 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 2:1-22 NIV (New International Version)
This is what Isaiah son of Amoz saw concerning Judah and Jerusalem: In the last days the mountain of the LORD’s temple will be established as the highest of the mountains; it will be exalted above the hills, and all nations will stream to it. Many peoples will come and say, “Come, let us go up to the mountain of the LORD, to the temple of the God of Jacob. He will teach us his ways, so that we may walk in his paths.” The law will go out from Zion, the word of the LORD from Jerusalem. He will judge between the nations and will settle disputes for many peoples. They will beat their swords into plowshares and their spears into pruning hooks. Nation will not take up sword against nation, nor will they train for war anymore. Come, descendants of Jacob, let us walk in the light of the LORD. LORD You, LORD, have abandoned your people, the descendants of Jacob. They are full of superstitions from the East; they practice divination like the Philistines and embrace pagan customs. Their land is full of silver and gold; there is no end to their treasures. Their land is full of horses; there is no end to their chariots. Their land is full of idols; they bow down to the work of their hands, to what their fingers have made. So people will be brought low and everyone humbled— do not forgive them. Go into the rocks, hide in the ground from the fearful presence of the LORD and the splendor of his majesty! The eyes of the arrogant will be humbled and human pride brought low; the LORD alone will be exalted in that day. The LORD Almighty has a day in store for all the proud and lofty, for all that is exalted (and they will be humbled), for all the cedars of Lebanon, tall and lofty, and all the oaks of Bashan, for all the towering mountains and all the high hills, for every lofty tower and every fortified wall, for every trading ship and every stately vessel. The arrogance of man will be brought low and human pride humbled; the LORD alone will be exalted in that day, and the idols will totally disappear. People will flee to caves in the rocks and to holes in the ground from the fearful presence of the LORD and the splendor of his majesty, when he rises to shake the earth. In that day people will throw away to the moles and bats their idols of silver and idols of gold, which they made to worship. They will flee to caverns in the rocks and to the overhanging crags from the fearful presence of the LORD and the splendor of his majesty, when he rises to shake the earth. Stop trusting in mere humans, who have but a breath in their nostrils. Why hold them in esteem?