යෙසායා 14:9-19

යෙසායා 14:9-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ එන කල ඔබ පිළිගන්නට, පහත ෂෙයෝලය, කලබල ව සිටී. ඔබට ආචාර කරන්නට, ලොව ජන නායකයින් ව සිටි සියල්ලන්ගේ ආත්ම එය පොලඹවයි, ජාතීන් කෙරෙහි රජකම් කළ සියල්ලන් ම ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටීමට එය සලස්වයි. ඔවුන් සැවොම පිළිතුරු දෙමින්, ඔබට මෙසේ කියනු ඇත: “ඔබත්, අප වගේ ම දුර්වල වෙලා, ඔබත් අප වගේ ම වෙලා.” ඔබේ විභූතියත්, ඔබේ මහ වීණාවල සංගීතයත්, ෂෙයෝල් මිනී වළට පමුණුවලා. ඔබට යටින් එළන ලද පැදුර, ඉහඳ පණුවෝ ය. ඔබ වැසී සිටින පොරෝනය ද පණුවෝ ය. ස්වර්ගයෙන් නුඹ වැටී ගිය හැටි! එම්බා පහන් තරුව, අරුණැල්ලේ පුත්‍රය, ජාතීන් බිමට ම හෙළූ නුඹ, මහ පොළොවට හෙළා දැමුණු හැටි! නුඹේ හද තුළ නුඹ මෙසේ කීවෙහි ය: “මම ස්වර්ගයට නැගෙන්නෙමි. දෙවියන්වහන්සේගේ තරුවලට ඉහළින් මගේ සිහසුන පිහිටු වන්නෙමි. මම හමුවීමේ කන්ද මත, සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි මත හිඳගන්නෙමි. මම වලාකුළු මුදුන්වලට ඉහළින් නැගී, මම, මහෝත්තමයාණන් වාගේ මා පත් කර ගන්නෙමි.” එහෙත් නුඹ ෂෙයෝලයට, නරාවළේ අන්තිම ගැඹුරට, හෙළා දමනු ලැබ සිටී. ඔබ දකින්නවුන්, ඇස් මහත් කර, බලා, ඕනෑකමින් සිතා බලා මෙසේ කියනු ඇත: “පොළොව සලිත කළ, රාජධානි වෙවුලන්නට සැලසූ මිනිසා මොහු ද? ලෝකය පාළුකරයක් කළ, එහි නගර බිඳ හෙළූ, සිරකරුවන්ට ගෙදර යාමට ඉඩ නුදුන් මිනිසා මොහු ද?” සියලු ජාතීන්ගේ රජවරු ගෞරව සහිත, තම තමන්ගේ සොහොන් තුළ සැතපෙති. එහෙත් නුඹ නුඹේ ම සොහොනින් ඉවතට ඇද දමනු ලැබ ඇත්තේ, නුසුදුසු අත්තක් පරිද්දෙනි. කඩුපතින් ඇනුම් ලදුව, ඝාතන කරනු ලැබ, නරාවළේ ගල් අතරට බැස ගිය මළවුන්ගෙන් නුඹ වැසී ඇත. පයින් පාගා දමන ලද මළකඳක් මෙන්

යෙසායා 14:9-19 Sinhala Revised Old Version (SROV)

යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය. ඔවුන් සියල්ලෝ නුඹට කථාකොට: නුඹත් අප මෙන් බෙලහීනවූයෙහිද? නුඹ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය. නුඹේ ඓශ්චර්යයද නුඹේ වීණාවල ශබ්දයද පාතාලයට බැසආවේය, නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය, නුඹ වසාගන්නෙත් පණුවෝය. දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය. එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ, ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය. ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති. නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.

යෙසායා 14:9-19 Sinhala New Revised Version (NRSV)

බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති. ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති. වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය. “දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි! ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි. වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි. අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි! එහි සිටින අය ඔබ දෙස රවා බලා, ‘පොළොව කම්පා කොට රාජ්‍යයන් බියෙන් ඇලළී යන්න සැලැස්සූ බලවතා ඔබ ද? නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති. ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත; එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.

යෙසායා 14:9-19 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 14:9-19 New International Version (NIV)

The realm of the dead below is all astir to meet you at your coming; it rouses the spirits of the departed to greet you— all those who were leaders in the world; it makes them rise from their thrones— all those who were kings over the nations. They will all respond, they will say to you, “You also have become weak, as we are; you have become like us.” All your pomp has been brought down to the grave, along with the noise of your harps; maggots are spread out beneath you and worms cover you. How you have fallen from heaven, morning star, son of the dawn! You have been cast down to the earth, you who once laid low the nations! You said in your heart, “I will ascend to the heavens; I will raise my throne above the stars of God; I will sit enthroned on the mount of assembly, on the utmost heights of Mount Zaphon. I will ascend above the tops of the clouds; I will make myself like the Most High.” But you are brought down to the realm of the dead, to the depths of the pit. Those who see you stare at you, they ponder your fate: “Is this the man who shook the earth and made kingdoms tremble, the man who made the world a wilderness, who overthrew its cities and would not let his captives go home?” All the kings of the nations lie in state, each in his own tomb. But you are cast out of your tomb like a rejected branch; you are covered with the slain, with those pierced by the sword, those who descend to the stones of the pit. Like a corpse trampled underfoot