උත්පත්ති 9:1-29 - Compare All Versions
උත්පත්ති 9:1-29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න. ඔබ කෙරෙහි බියත්, තැතිගැන්මත් පොළොවේ සියලු සතුන් ද සියලු අහස් පක්ෂීන් ද හැම උරගයකු ද මුහුදේ සියලු මසුන් ද වෙත පවතිනු ඇත. ඔබගේ අත්වලට උන් බාර දී ඇත. සජීව, එහා මෙහා යන සියල්ල ඔබට ආහාර පිණිස වනු ඇත. මම ඔබට හරිත පලා දුන් සේ, දැන් මේ හැම දෙයක් ම දෙන්නෙමි. “එහෙත්, උන්ගේ ජීවය වන රුධිරය සහිත ව උන්ගේ මාංසය ඔබ අහරට නො ගත යුතු ය. ඔබගේ ජීව රුධිරය ගැන ගණන් දීමක් සත්තකින් ම මම නියම කරන්නෙමි. කවර සතකුගෙන් වුව ගණන් දීමක් මම නියම කරන්නෙමි. එසේ ම සෑම මිනිසකුගෙන් ම තවත් මිනිසකුගේ ජීවය ගැන මම ඔහුගේ ජීවය අය කරන්නෙමි. “කවරකු වුව, මිනිස් ලේ වගුරුවයි නම්, ඔහුගේ ලේ ද මිනිසකු විසින් ම වගුරුවනු ලැබේ. මන්ද දෙවියන්වහන්සේ මිනිසා මවන ලද්දේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි. ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වන්න. පොළොවෙහි ජනාකීර්ණ වී, එහි වැඩි වර්ධන වන්න.” ඉන්පසු නෝවා ද ඔහුගේ පුතුන් ද ඇමතූ දෙවියන්වහන්සේ, “මෙන්න දැන් මා, මගේ ගිවිසුම පිහිටුවන්නේ ඔබ සමඟින් හා ඔබෙන් පසු, ඔබෙන් පැවත එන්නන් සමඟිනි. ඔබ සමඟ නැවෙන් පිටතට පැමිණි පක්ෂීන්, ඇති කරන සතුන් හා සියලු වන සතුන් යන මිහි පිට වෙසෙන සජීව හැම සතකු සමඟිනි. මගේ ගිවිසුම මම ඔබ සමඟ පිහිටුවමි. යළි කිසි කලෙක සියලු ජීවීන් ජලගැල්මකින් සිඳලනු නො ලැබේ. පොළොව වනසන ජලගැල්මක් මතු කවර කලෙක හෝ ඇති වන්නේ නැතැ” යි කී සේක. තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි. පොළොවට ඉහළින් මා වලාකුළු ගෙනෙන කවර විටෙක වුව, ඒ වලාවන්හි දේදුන්න දිස්වන කල, ඔබ සමඟ ද හැම වර්ගයකට ම අයත් ජීවමාන සියලු සතුන් සමඟ ද මා කළ මගේ ගිවිසුම මම සිහි කරන්නෙමි. යළි කවරදාක වත් සියලු ජීවිත විනාශ කරනු පිණිස ජලය, ජලගැල්මකට පත් නො වන්නේ ය. වලාවන්හි දේදුන්න දිස්වන කවර විටෙක වුව, මම ඒ දෙස බලා, දෙවියන්වහන්සේත්, මිහි පිට සියලු වාර්ගික ජීවමාන සියලු සත්වයිනුත් අතරේ වූ සදාතන ගිවිසුම සිහි කරන්නෙමි” යි පැවසූ සේක. එබැවින්, නෝවා ඇමතූ දෙවියන්වහන්සේ, “මා හා මිහි පිට ජීවමාන සියල්ලන් අතරේ මා විසින් පිහිටු වන ලද ගිවිසුමේ ලකුණ මේ යැ” යි පැවසූ සේක. නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයින් නම්, ෂේම්, හාම් හා යාෆෙත් ය. හාම්, කානාන්ගේ පියා ය. නෝවාගේ පුතුන් වූයේ මේ තිදෙනා ය. මිහිතලය පුරා ජනයා පැතිර ගියේ මොවුන්ගෙනි. නෝවා ගොවිතැන් කරන්නට පටන් ගෙන, මිදි වත්තක් වැවුවේ ය. ඔහු මිදි යුෂ බී, වෙරිමත් ව තම කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වූ හාම්, තම පියාගේ නග්න භාවය දැක, පිටත සිටි තම සහෝදරයින් දෙදෙනාට ඒ වග දැන්වී ය. එහෙත් එවිට ෂේම් හා යාෆෙත් සළුවක් ගෙන, එය ඔවුන්ගේ උරහිස්හි තබා පස්සෙන් පස්සට ගොස්, තම පියාගේ නග්න භාවය වැසූහ. එහෙත් ඔවුන්ගේ මුහුණු ඉවත හැරී තිබූ බැවින් ඔවුන් තම පියාගේ නග්න භාවය දුටුවේ නැත. මිදි යුෂ වෙරි මත සිඳුණු පසු අවදි වූ නෝවා, තම බාල පුතු තමාට කළ දේ දැන, “කානාන්ට ශාප වේවා! ඔහු තම සොහොයුරනට නීච දාසයෙක් වේවා!” යි පැවසී ය. ඔහු මෙසේ ද පැවසී ය: “ෂේම්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! කානාන්, ෂේම්ගේ වහලකු වේවා! දෙවියන්වහන්සේ යාෆෙත්ගේ සීමා පුළුල් කරන සේක්වා! යාෆෙත්, ෂේම්ගේ කූඩාරම්වල වෙසේවා! කානාන්, යාෆෙත්ගේ දාසයා වේවා!” ජලගැල්මෙන් පසු නෝවා තුන්සිය පනස් වසරක් විසී ය. නෝවාගේ ආයු කාලය නවසිය පනස් වසරකි. ඉන්පසු ඔහු මිය ගියේ ය.
උත්පත්ති 9:1-29 SROV (Sinhala Revised Old Version)
තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න; නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය. එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම නුඹලාට දුනිමි. නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය. සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි. දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය. නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක. දෙවියන්වහන්සේ නෝවාටද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ටද කථාකොට: බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත් නුඹලා වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද නුඹලා සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමඟත් මාගේ ගිවිසුම පිහිටුවමි. නුඹලා සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක. තවද දෙවියන්වහන්සේ: මා සහ නුඹලාද නුඹලා සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය: මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය. මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නේය, එවිට මා සහ නුඹලාද සියලු ආකාර මාංසමය වූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තාවූ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; වතුර කරණකොටගෙන සියලු සත්වයන් විනාශනොවන පිණිස තවත් ජලගැලීමක් නොවන්නේය. දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක. තවද දෙවියන්වහන්සේ: මාද පොළොවෙහි සිටින මාංසමයවූ සියල්ලන්ද අතරෙහි මා විසින් පිහිටුවනලද ගිවිසුමේ ලකුණමේයයි නෝවාට කීසේක. තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය. මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය. නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය. තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය. කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය. එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය. නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය. ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය. තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා. දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාලකරනසේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය. නෝවා ජලගැලීමට පසු තුන්සිය පනස් අවුරුද්දක් ජීවත් විය. නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.
උත්පත්ති 9:1-29 NRSV (Sinhala New Revised Version)
දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි. මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි. එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි. මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි. “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.” දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, “මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය. පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල, මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි”යි වදාළ සේක. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක. නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයෝ නම් ෂෙම්, හාම් සහ ජපෙත් ය. හාම් කානාන්ගේ පියා ය. පොළොව පුරා මුළු ජනගහණය ඇති වූයේ නෝවාගේ මේ පුතුන් තිදෙනාගෙන් ය. ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ. නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට, “කානාන් සාප ලද්දෙක් වේ වා! ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය. ඔහු තවදුරටත් කතා කරමින්, “ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද, “දෙවියෝ ජපෙත් වර්ධනය වන්නට සලසත් වා! ඔහුගේ පෙළපත ෂෙම්ගේ ජනයා සමඟ වාසය කරත් වා! කානාන් ජපෙත්ගේ ද වහලෙක් වේ වා”යි ද කී ය. මහා ජලගැල්මෙන් පසු නෝවා අවුරුදු තුන්සිය පණහක් ජීවත් විය. ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.
උත්පත්ති 9:1-29 SNRV (Sinhala New Revised Version 2018)

උත්පත්ති 9:1-29 NIV (New International Version)
Then God blessed Noah and his sons, saying to them, “Be fruitful and increase in number and fill the earth. The fear and dread of you will fall on all the beasts of the earth, and on all the birds in the sky, on every creature that moves along the ground, and on all the fish in the sea; they are given into your hands. Everything that lives and moves about will be food for you. Just as I gave you the green plants, I now give you everything. “But you must not eat meat that has its lifeblood still in it. And for your lifeblood I will surely demand an accounting. I will demand an accounting from every animal. And from each human being, too, I will demand an accounting for the life of another human being. “Whoever sheds human blood, by humans shall their blood be shed; for in the image of God has God made mankind. As for you, be fruitful and increase in number; multiply on the earth and increase upon it.” Then God said to Noah and to his sons with him: “I now establish my covenant with you and with your descendants after you and with every living creature that was with you—the birds, the livestock and all the wild animals, all those that came out of the ark with you—every living creature on earth. I establish my covenant with you: Never again will all life be destroyed by the waters of a flood; never again will there be a flood to destroy the earth.” And God said, “This is the sign of the covenant I am making between me and you and every living creature with you, a covenant for all generations to come: I have set my rainbow in the clouds, and it will be the sign of the covenant between me and the earth. Whenever I bring clouds over the earth and the rainbow appears in the clouds, I will remember my covenant between me and you and all living creatures of every kind. Never again will the waters become a flood to destroy all life. Whenever the rainbow appears in the clouds, I will see it and remember the everlasting covenant between God and all living creatures of every kind on the earth.” So God said to Noah, “This is the sign of the covenant I have established between me and all life on the earth.” The sons of Noah who came out of the ark were Shem, Ham and Japheth. (Ham was the father of Canaan.) These were the three sons of Noah, and from them came the people who were scattered over the whole earth. Noah, a man of the soil, proceeded to plant a vineyard. When he drank some of its wine, he became drunk and lay uncovered inside his tent. Ham, the father of Canaan, saw his father naked and told his two brothers outside. But Shem and Japheth took a garment and laid it across their shoulders; then they walked in backward and covered their father’s naked body. Their faces were turned the other way so that they would not see their father naked. When Noah awoke from his wine and found out what his youngest son had done to him, he said, “Cursed be Canaan! The lowest of slaves will he be to his brothers.” He also said, “Praise be to the LORD, the God of Shem! May Canaan be the slave of Shem. May God extend Japheth’s territory; may Japheth live in the tents of Shem, and may Canaan be the slave of Japheth.” After the flood Noah lived 350 years. Noah lived a total of 950 years, and then he died.