උත්පත්ති 9:1-13

උත්පත්ති 9:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න. ඔබ කෙරෙහි බියත්, තැතිගැන්මත් පොළොවේ සියලු සතුන් ද සියලු අහස් පක්ෂීන් ද හැම උරගයකු ද මුහුදේ සියලු මසුන් ද වෙත පවතිනු ඇත. ඔබගේ අත්වලට උන් බාර දී ඇත. සජීව, එහා මෙහා යන සියල්ල ඔබට ආහාර පිණිස වනු ඇත. මම ඔබට හරිත පලා දුන් සේ, දැන් මේ හැම දෙයක් ම දෙන්නෙමි. “එහෙත්, උන්ගේ ජීවය වන රුධිරය සහිත ව උන්ගේ මාංසය ඔබ අහරට නො ගත යුතු ය. ඔබගේ ජීව රුධිරය ගැන ගණන් දීමක් සත්තකින් ම මම නියම කරන්නෙමි. කවර සතකුගෙන් වුව ගණන් දීමක් මම නියම කරන්නෙමි. එසේ ම සෑම මිනිසකුගෙන් ම තවත් මිනිසකුගේ ජීවය ගැන මම ඔහුගේ ජීවය අය කරන්නෙමි. “කවරකු වුව, මිනිස් ලේ වගුරුවයි නම්, ඔහුගේ ලේ ද මිනිසකු විසින් ම වගුරුවනු ලැබේ. මන්ද දෙවියන්වහන්සේ මිනිසා මවන ලද්දේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි. ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වන්න. පොළොවෙහි ජනාකීර්ණ වී, එහි වැඩි වර්ධන වන්න.” ඉන්පසු නෝවා ද ඔහුගේ පුතුන් ද ඇමතූ දෙවියන්වහන්සේ, “මෙන්න දැන් මා, මගේ ගිවිසුම පිහිටුවන්නේ ඔබ සමඟින් හා ඔබෙන් පසු, ඔබෙන් පැවත එන්නන් සමඟිනි. ඔබ සමඟ නැවෙන් පිටතට පැමිණි පක්ෂීන්, ඇති කරන සතුන් හා සියලු වන සතුන් යන මිහි පිට වෙසෙන සජීව හැම සතකු සමඟිනි. මගේ ගිවිසුම මම ඔබ සමඟ පිහිටුවමි. යළි කිසි කලෙක සියලු ජීවීන් ජලගැල්මකින් සිඳලනු නො ලැබේ. පොළොව වනසන ජලගැල්මක් මතු කවර කලෙක හෝ ඇති වන්නේ නැතැ” යි කී සේක. තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි.

උත්පත්ති 9:1-13 Sinhala Revised Old Version (SROV)

තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න; නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය. එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම නුඹලාට දුනිමි. නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය. සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි. දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය. නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක. දෙවියන්වහන්සේ නෝවාටද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ටද කථාකොට: බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත් නුඹලා වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද නුඹලා සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමඟත් මාගේ ගිවිසුම පිහිටුවමි. නුඹලා සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක. තවද දෙවියන්වහන්සේ: මා සහ නුඹලාද නුඹලා සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය: මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය.

උත්පත්ති 9:1-13 Sinhala New Revised Version (NRSV)

දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි. මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි. එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි. මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි. “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.” දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, “මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.

උත්පත්ති 9:1-13 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 9:1-13 New International Version (NIV)

Then God blessed Noah and his sons, saying to them, “Be fruitful and increase in number and fill the earth. The fear and dread of you will fall on all the beasts of the earth, and on all the birds in the sky, on every creature that moves along the ground, and on all the fish in the sea; they are given into your hands. Everything that lives and moves about will be food for you. Just as I gave you the green plants, I now give you everything. “But you must not eat meat that has its lifeblood still in it. And for your lifeblood I will surely demand an accounting. I will demand an accounting from every animal. And from each human being, too, I will demand an accounting for the life of another human being. “Whoever sheds human blood, by humans shall their blood be shed; for in the image of God has God made mankind. As for you, be fruitful and increase in number; multiply on the earth and increase upon it.” Then God said to Noah and to his sons with him: “I now establish my covenant with you and with your descendants after you and with every living creature that was with you—the birds, the livestock and all the wild animals, all those that came out of the ark with you—every living creature on earth. I establish my covenant with you: Never again will all life be destroyed by the waters of a flood; never again will there be a flood to destroy the earth.” And God said, “This is the sign of the covenant I am making between me and you and every living creature with you, a covenant for all generations to come: I have set my rainbow in the clouds, and it will be the sign of the covenant between me and the earth.