උත්පත්ති 6:17-22

උත්පත්ති 6:17-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙන්න, මම පොළොව පිටට ජලගැල්මක් ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, අහස යට වෙසෙන ජීවන හුස්ම ඇති සියලු සත්වයින් විනාශ කරන පිණිසයි. මිහි පිට සියල්ල ඉන් නැසී යනු ඇත. එහෙත් ඔබ සමඟ මම මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. ඔබ නැවට ඇතුළු වනු ඇත; ඔබත්, ඔබ සමඟ ඔබේ පුතුන් ද ඔබේ භාර්යාව ද ඔබේ පුතුන්ගේ භාර්යාවන් ද එහි ඇතුල් වනු ඇත. ඔබ සමඟ ජීවත් ව තබා ගනු පිණිස, හැම වර්ගයක ම සජීව සතුන්, පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් යුගල බැගින් ඔබ නැව තුළට ගත යුතුයි. දිවි පැවතෙනු පිණිස, හැම වර්ගයක ම පක්ෂීන් ද හැම වර්ගයක ම සතුන් ද බිම බඩ ගා යන හැම වර්ගයක ම උරගයින් ද යුගලක් බැගින් ඔබ වෙත පැමිණෙනු ඇත. අහරට ගන්නා හැම වර්ගයේ ම ආහාර ද්‍රව්‍ය ගෙන, ඔබ ඒවා ගබඩා කළ යුතුයි. ඒවා, ඔබටත්, උන්ටත් ආහාර පිණිස වේ යැ” යි පැවසූ සේක. නෝවා එසේ කළේ ය. ඔහු ඒ හැම දෙයක් ම කළේ, දෙවියන්වහන්සේ ඔහුට අණ කළ පරිද්දෙනි.

උත්පත්ති 6:17-22 Sinhala Revised Old Version (SROV)

බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය. එහෙත් නුඹ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය. තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න. ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය. කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් නුඹ වෙතට රැස්කරගන්න; ඒවා නුඹටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක. නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.

උත්පත්ති 6:17-22 Sinhala New Revised Version (NRSV)

අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.

උත්පත්ති 6:17-22 Sinhala New Revised Version 2018 (SNRV)