උත්පත්ති 49:8-10
උත්පත්ති 49:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබ පසසන්නාහ. ඔබේ අත, ඔබේ සතුරන්ගේ ගෙල මත තබනු ඇත. ඔබේ පියාගේ පුතුන් ඔබට වැඳ වැටෙනු ඇත. යූදා සිංහ පැටවෙකි. මා පුත, ගොදුර කා නුඹ හැරී යයි. ඔහු බිම වැතිරෙන්නේත්, හාන්සි වී සිටින්නේත් සිංහයකු මෙනි; සිංහ ධේනුවක මෙනි. ඔහු නැගිටුවන්නට සමතා කවුරු ද? ඊට හිමිකරු පැමිණෙන තෙක්, යූදා කෙරෙන්, ජයකොන්තය පහව නො යේ: ඔහුගේ පා අතරින් පාලකයාගේ යෂ්ටිය ද පහව නො යේ. ජාතීන්ගේ කීකරුකම ද ඔහුට ය.
උත්පත්ති 49:8-10 Sinhala Revised Old Version (SROV)
එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය. යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, නුඹ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද? ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
උත්පත්ති 49:8-10 Sinhala New Revised Version (NRSV)
ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති. ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද? රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති
උත්පත්ති 49:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති. ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද? රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති
උත්පත්ති 49:8-10 New International Version (NIV)
“Judah, your brothers will praise you; your hand will be on the neck of your enemies; your father’s sons will bow down to you. You are a lion’s cub, Judah; you return from the prey, my son. Like a lion he crouches and lies down, like a lioness—who dares to rouse him? The scepter will not depart from Judah, nor the ruler’s staff from between his feet, until he to whom it belongs shall come and the obedience of the nations shall be his.