උත්පත්ති 49:5-7
උත්පත්ති 49:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“සිමියොන් හා ලෙවී සහෝදරයෝ ය. ඔවුන්ගේ අසිපත්, සැහැසිකමේ ආයුධ වේ. ඔවුන්ගේ මන්ත්රණයට මගේ ජීවය ඇතුළු නො වේවා! ඔවුන්ගේ සමාගමට මා නො බැඳේවා! මන්ද ඔවුන් තම කෝපයෙන්, මිනිසුන් මැරූ බැවිනි. තම හිතු මනාපෙට, ගොනුන්ගේ කලවා නහර කැපූ බැවිනි. ඒ සා රුදුරු ඔවුන්ගේ කෝපයටත්, ඒ සා කුරිරු ඔවුන්ගේ ක්‍රෝධයටත් ශාප වේවා! යාකොබ් තුළ මම ඔවුන් බෙදා හරින්නෙමි. ඉශ්රායෙල් ඇතුළත මම ඔවුන් විසුරුවා දමන්නෙමි.
උත්පත්ති 49:5-7 Sinhala Revised Old Version (SROV)
සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය. එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය. ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.
උත්පත්ති 49:5-7 Sinhala New Revised Version (NRSV)
සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ. එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ. ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
උත්පත්ති 49:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ. එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ. ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
උත්පත්ති 49:5-7 New International Version (NIV)
“Simeon and Levi are brothers— their swords are weapons of violence. Let me not enter their council, let me not join their assembly, for they have killed men in their anger and hamstrung oxen as they pleased. Cursed be their anger, so fierce, and their fury, so cruel! I will scatter them in Jacob and disperse them in Israel.