උත්පත්ති 49:22-24
උත්පත්ති 49:22-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යෝසෙප් පලබර මිදි වැලකි. උල්පතක් ළඟ පලබර මිදි වැලකි. එහි අතු, තාප්ප වැටටත් උඩින් නැග යයි. දුනුවායෝ තදබල ලෙස ඔහුට පහර දුන්හ; ඔවුහු ඔහුට විද, එදිරිවාදිකම් කරන්නට වන්හ. එහෙත් ඔහුගේ දුන්න නො වෙනස් ව පැවතිණ. ඔහුගේ බාහුව ද කඩිසර විය. එසේ වූයේ, යාකොබ්ගේ පරාක්රමයාණන්ගේ හස්තය නිසා ය; ඉශ්රායෙල්ගේ පර්වතයාණන් වන එඬේරාණන් නිසා ය
උත්පත්ති 49:22-24 Sinhala Revised Old Version (SROV)
යෝසෙප් ඵලදෙන අත්තක්ය, උල්පතක් ළඟ තිබෙන ඵලදෙන අත්තක්ය; එහි ශාඛා භිත්තිය පිට විහිද යති. දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය. එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද නුඹට පිහිටවන නුඹේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්
උත්පත්ති 49:22-24 Sinhala New Revised Version (NRSV)
ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි. දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ. ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි
උත්පත්ති 49:22-24 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි. දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ. ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි
උත්පත්ති 49:22-24 New International Version (NIV)
“Joseph is a fruitful vine, a fruitful vine near a spring, whose branches climb over a wall. With bitterness archers attacked him; they shot at him with hostility. But his bow remained steady, his strong arms stayed limber, because of the hand of the Mighty One of Jacob, because of the Shepherd, the Rock of Israel