උත්පත්ති 45:1-7

උත්පත්ති 45:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට යෝසෙප් තමා හා සිටි තම පිරිවර ඉදිරියේ තමා පාලනය කර ගත නො හැකි ව, “හැම කෙනෙක් ම මා ඉදිරියෙන් ඉවත් වනු!” යි මොර ගසා කීවේ ය. මෙසේ, තම සහෝදරයනට යෝසෙප් තමා හඳුන්වා දෙන විට, ඔහු සමඟ වෙන කිසිවකු නො වී ය. ඔහු කොතරම් හඬ නගා හැඬුවේ ද යත්, ඔහු හඬනු ඊජිප්තුවරුනට ඇසිණි. පාරාවෝගේ ගෘහවාසීනට ද එය ඇසිණි. යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “මම යෝසෙප් වෙමි! මගේ පියා තවමත් ජීවත් වෙනවා දැ?” යි ඇසී ය. එහෙත් ඔහුගේ සහෝදරයෝ, ඔහු ඉදිරියෙහි තැති ගෙන, ඔහුට පිළිතුරක් දී ගත නො හැකි ව තූෂ්ණීම්භූත ව සිටියෝ ය. ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය.

උත්පත්ති 45:1-7 Sinhala Revised Old Version (SROV)

එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය. ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය. යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය. දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක.

උත්පත්ති 45:1-7 Sinhala New Revised Version (NRSV)

එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය. ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය. නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය, ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත. මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක.

උත්පත්ති 45:1-7 Sinhala New Revised Version 2018 (SNRV)