එවිට යෝසෙප් තමා හා සිටි තම පිරිවර ඉදිරියේ තමා පාලනය කර ගත නො හැකි ව, “හැම කෙනෙක් ම මා ඉදිරියෙන් ඉවත් වනු!” යි මොර ගසා කීවේ ය. මෙසේ, තම සහෝදරයනට යෝසෙප් තමා හඳුන්වා දෙන විට, ඔහු සමඟ වෙන කිසිවකු නො වී ය. ඔහු කොතරම් හඬ නගා හැඬුවේ ද යත්, ඔහු හඬනු ඊජිප්තුවරුනට ඇසිණි. පාරාවෝගේ ගෘහවාසීනට ද එය ඇසිණි. යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “මම යෝසෙප් වෙමි! මගේ පියා තවමත් ජීවත් වෙනවා දැ?” යි ඇසී ය. එහෙත් ඔහුගේ සහෝදරයෝ, ඔහු ඉදිරියෙහි තැති ගෙන, ඔහුට පිළිතුරක් දී ගත නො හැකි ව තූෂ්ණීම්භූත ව සිටියෝ ය. ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය.
උත්පත්ති 45 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 45:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ