උත්පත්ති 44:30-34 - Compare All Versions
උත්පත්ති 44:30-34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එබැවින් දැන්, ඔබගේ සේවක මගේ පියා වෙත මා ආපසු යන කල, ළමයා අප සමඟ නො වුවහොත්, ඔහු ළමයා හා පණට පණ බැඳී ඇති බැවින්, ළමයා අප සමඟ නැති වග දුටු කල, ඔහු මිය යනු ඇත. මෙසේ, ඔබේ සේවක අප විසින් ඔබේ සේවක අපේ පියා ඔහුගේ මහලු වයසේදී සෝ සන්තාපයෙන් මිනී වළට පමුණුවනු ඇත. ඔබේ සේවක මම, ළමයාගේ ආරක්ෂාව ගැන මගේ පියාට ඇප වුණෙමි. මම ඔහු අමතමින්, ‘මා යළි ඔබ වෙත ඔහු කැඳවාගෙන නාවොත්, මා පියතුමනි, මගේ මුළු ජීවිත කාලයට ම එහි දෝෂය මම දරන්නෙමි’ යි කීවා. “එබැවින් දැන්, ළමයා වෙනුවට මගේ ස්වාමියාගේ දාසයා වශයෙන් මෙහි නවතින්නට ඔබගේ සේවකයාට කරුණාකර ඉඩ දුන මැනවි. ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ ආපසු යන්නට ඉඩ දෙනු මැනවි. ළමයා මා සමඟ නොමැත්තේ නම්, මගේ පියා වෙත මා ආපසු යන්නේ කොහොම ද? නැහැ! මගේ පියා පිට පැමිණෙන දුක් විපත්තිය දැකීමට මට බැරි යැ” යි පැවසී ය.
උත්පත්ති 44:30-34 SROV (Sinhala Revised Old Version)
ඉතින් ළමයා අප සමඟ නැතුව ඔබගේ මෙහෙකරුවූ මාගේ පියා වෙතට මා පැමිණි කල ඔහුගේ ප්‍රාණය ළමයාගේ ප්‍රාණයට බැඳී තිබෙන බැවින්, ළමයා අප සමඟ නැති බව දක්නා විට ඔහු මියයන්නේය. මෙසේ ඔබගේ මෙහෙකරුවෝ ඔබගේ මෙහෙකරුවූ අපේ පියාගේ පැසුණු හිසකේ ශෝකයෙන් සොහොනට පමුණුවන්නෝය. මක්නිසාද: මම ඔහු ඔබ වෙතට නොගෙනායෙම් නම් මාගේ පියාට සෑම කල්හිම දෝෂකාරයෙක් වෙන්නෙමැයි කියා ඔබගේ මෙහෙකරුවා ළමයා වෙනුවට මාගේ පියාට ඇපකාරයෙක් වුණේය. එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි. මක්නිසාද ළමයා මා සමඟ නැතුව මාගේ පියා වෙතට මා යන්නේ කෙසේද? එසේ ගියොත් මාගේ පියාට සිද්ධවෙන විපත මට දකින්ට වෙනවා ඇතැයි කීවේය.
උත්පත්ති 44:30-34 NRSV (Sinhala New Revised Version)
දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා, අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය. ඔබේ දාසයා වන මම, ‘ඔහු ඔබ වෙත නො ගෙනාවොත් ඒ වරද, මාගේ පියා ඉදිරියෙහි මම සදහට ම බාර ගන්නෙමි’ කියා මාගේ පියාට ළමයාගේ ඇපකරු වූයෙමි. දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි. ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.
උත්පත්ති 44:30-34 SNRV (Sinhala New Revised Version 2018)

උත්පත්ති 44:30-34 NIV (New International Version)
“So now, if the boy is not with us when I go back to your servant my father, and if my father, whose life is closely bound up with the boy’s life, sees that the boy isn’t there, he will die. Your servants will bring the gray head of our father down to the grave in sorrow. Your servant guaranteed the boy’s safety to my father. I said, ‘If I do not bring him back to you, I will bear the blame before you, my father, all my life!’ “Now then, please let your servant remain here as my lord’s slave in place of the boy, and let the boy return with his brothers. How can I go back to my father if the boy is not with me? No! Do not let me see the misery that would come on my father.”