උත්පත්ති 40:7-22

උත්පත්ති 40:7-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ඔහු, තම ස්වාමියාගේ නිවසේ තමා සමඟ සිරගත ව හුන් පාරාවෝගේ එම නිලධාරීන් අමතමින්, “අද ඔබගේ මුහුණු ඔතරම් දුක්මුසු ව ඇත්තේ මන්දැ?” යි ඇසී ය. ඔවුහු ඔහුට පිළිතුරු දෙමින්, “අප දෙදෙනා සිහිනයක් දැක්කා. ඒත් ඒවායේ අරුත් පහදා දෙන්නට කිසිවකු නෑ” යි කීහ. එවිට යෝසෙප් ඔවුන් අමතමින්, “අරුත් පහදා දීම දෙවියන්වහන්සේ සතු කාරියක් නො වේ ද? හොඳයි, ඔබේ සිහින මට කියන්නැ” යි කීවේ ය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා තම සිහිනය යෝසෙප්ට පවසමින්, “මගේ සිහිනයේදී මා ඉදිරියේ වූ මිදි වැලක් දැක්කා. මිදි වැලේ අතු තුනක් තිබුණා. එය දළු දැමූ විගස, එහි මල් හට ගැනුණා. මිදි පොකුරු මෝරා ඉදුණා. පාරාවෝගේ කුසලාන මා අතේ තිබුණා. මා, මිදි පල ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, කුසලාන පාරාවෝගේ අතේ තැබුවා” යි කීවේ ය. එවිට යෝසෙප් ඔහු අමතමින්, “එහි අරුත මෙයයි. ඒ අතු තුන දවස් තුනක්; තුන් දවසක් ඇතුළත පාරාවෝ ඔබට හිස ඔසවන්නට සලසා, ඔබේ නිලයට යළි ඔබ පත් කරනු ඇත. ඔහුගේ කුසලාන දරන්නා ව සිටියදී, ඔබ කළ පරිදි ඔබ පාරාවෝගේ කුසලාන ඔහුගේ අතේ තබනු ඇත. මෙසේ ඔබට සෙත සැලසුණු කල, මා සිහි කර, මට කරුණාව දක්වමින්, පාරාවෝට මා ගැන මතක් කර, මේ සිර ගෙයින් මා එළියට ගන්න. මන්ද හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේ සිට මා මෙහි ගෙන එන ලද්දේ බලහත්කාරයෙනි. මෙසේ දඟ ගෙයි දමනු ලැබීමට තරම් කිසිවක් ද මා කර නැතැ” යි කීවේ ය. යෝසෙප්ගේ අර්ථ විවරණය සතුටුදායක බැව් දුටු ප්‍රධාන රොටි සාදන්නා, යෝසෙප් අමතමින්, “මාත් සිහිනයක් දැක්කා. මගේ හිසේ රොටි කූඩ තුනක් තිබුණා. උඩ ම කූඩයේ වූයේ පාරාවෝ සඳහා වූ සියලු වර්ගවල පිලිස්සූ කැවිලියි. කුරුල්ලෝ, මගේ හිස මත වූ කූඩයෙන් ඒවා කමින් සිටියා” යි කීවේ ය. එවිට යෝසෙප් පිළිතුරු දෙමින්, “එහි අරුත මෙයයි; ඒ කූඩ තුන දවස් තුනක්. දවස් තුනක් ඇතුළත පාරාවෝ ඔබේ හිස, ඔබ වෙතින් ඔසවා, ගසක ඔබ එල්ලා දමනු ඇත. කුරුල්ලන් ඔබේ මාංස කා දමනු ඇතැ” යි කීවේ ය. තුන් වන දවස පාරාවෝගේ උපන් දවස විය. ඔහු තමාගේ සියලු සේවකයනට සාදයක් පැවැත්වී ය. ඔහු තම නිලධාරීන් ඉදිරිපිට ප්‍රධාන කුසලාන දරන්නාගේ ද ප්‍රධාන රොටි සාදන්නාගේ ද හිස් එසවී ය: ඔහු ප්‍රධාන කුසලාන දරන්නා යළි ඔහුගේ නිලයට පත් කළෙන්, නැවතත් ඔහු, පාරාවෝගේ අතට කුසලාන දුන්නේ ය. එහෙත් යෝසෙප් ඔවුන්ට සිහින අරුත් පහදා දුන් පරිදි, ඔහු ප්‍රධාන රොටි සාදන්නා එල්ලා දැමී ය.

උත්පත්ති 40:7-22 Sinhala Revised Old Version (SROV)

නුඹලා අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය. ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය. ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය. ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය. යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය, ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි. මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය. පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය. ඉහළම පෙට්ටියේ ඵාරාවෝට සාදනලද සියලු ආකාර පූප තිබුණේය; පක්ෂීහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය. යෝසෙප් උත්තරදෙමින්: ඒකේ අර්ථය මෙසේය. පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය. තවද තුන්වෙනි දිනවූ ඵාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියාදුන් ලෙස ඔහු කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූප සාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරෙහි එසවූයේය. කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය. එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය.

උත්පත්ති 40:7-22 Sinhala New Revised Version (NRSV)

එවිට ඔහු තම ස්වාමියාගේ නිවෙසහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය. එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි. මිදි වැලේ රිකිලි තුනක් විය. තවද එහි, දලු ලියලා මල් හට ගත්තේ ය. එහි වලුවල ඉදුණු මිදි ගෙඩි තිබිණි. පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය. ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය. ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය. ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය. එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි. දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය. තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර, කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය. එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය.

උත්පත්ති 40:7-22 Sinhala New Revised Version 2018 (SNRV)

එවිට ඔහු තම ස්වාමියාගේ නිවසෙහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය. එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි. මිදි වැලේ රිකිලි තුනක් විය. තවද එහි, දලු ලියලා මල් හට ගත්තේ ය. එහි වලුවල ඉදුණු මිදි ගෙඩි තිබිණි. පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය. ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය. ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය. ප්‍රධාන රොටි සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත රොටි පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය. එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි. දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය. තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා රොටි සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර, කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය. එහෙත්, ඔහු රොටි සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය.

උත්පත්ති 40:7-22 New International Version (NIV)

So he asked Pharaoh’s officials who were in custody with him in his master’s house, “Why do you look so sad today?” “We both had dreams,” they answered, “but there is no one to interpret them.” Then Joseph said to them, “Do not interpretations belong to God? Tell me your dreams.” So the chief cupbearer told Joseph his dream. He said to him, “In my dream I saw a vine in front of me, and on the vine were three branches. As soon as it budded, it blossomed, and its clusters ripened into grapes. Pharaoh’s cup was in my hand, and I took the grapes, squeezed them into Pharaoh’s cup and put the cup in his hand.” “This is what it means,” Joseph said to him. “The three branches are three days. Within three days Pharaoh will lift up your head and restore you to your position, and you will put Pharaoh’s cup in his hand, just as you used to do when you were his cupbearer. But when all goes well with you, remember me and show me kindness; mention me to Pharaoh and get me out of this prison. I was forcibly carried off from the land of the Hebrews, and even here I have done nothing to deserve being put in a dungeon.” When the chief baker saw that Joseph had given a favorable interpretation, he said to Joseph, “I too had a dream: On my head were three baskets of bread. In the top basket were all kinds of baked goods for Pharaoh, but the birds were eating them out of the basket on my head.” “This is what it means,” Joseph said. “The three baskets are three days. Within three days Pharaoh will lift off your head and impale your body on a pole. And the birds will eat away your flesh.” Now the third day was Pharaoh’s birthday, and he gave a feast for all his officials. He lifted up the heads of the chief cupbearer and the chief baker in the presence of his officials: He restored the chief cupbearer to his position, so that he once again put the cup into Pharaoh’s hand— but he impaled the chief baker, just as Joseph had said to them in his interpretation.