උත්පත්ති 4:25-26 - Compare All Versions
උත්පත්ති 4:25-26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ආදම් තම බිරිඳ සමඟ යළි එක් වුණේ ය. ඈ පුතකු බිහි කර, “කායින් අතින් මළ ආබෙල් වෙනුවට දෙවියන්වහන්සේ මට වෙනත් පුතකු දුන් සේකැ” යි කියා, ඔහුට සෙත් යන නම තැබුවා ය. සෙත්ට ද පුතකු උපන්නේ ය. ඔහුට ඒනොෂ් යන නම තබන ලදී. මිනිසුන් ස්වාමින්වහන්සේගේ නාමය කියා යදින්නට පටන් ගත්තේ එකල්හි දී ය.
උත්පත්ති 4:25-26 SROV (Sinhala Revised Old Version)
ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ පුත්‍රයෙකු බිහිකර ඔහුට සෙත් යන නම තැබුවාය. මක්නිසාද කායින් ආබෙල් මැරූ හෙයින් ඔහු වෙනුවට දෙවියන්වහන්සේ මට වෙන වංශයක් නියමකර දුන්සේකැයි ඈ කීවාය. සෙත්ටද පුත්‍රයෙක් උපන්නේය; ඔහු ඒනොෂ් යන නම ඔහුට තැබීය. එකල මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකරන්ට පටන් ගත්තෝය.
උත්පත්ති 4:25-26 NRSV (Sinhala New Revised Version)
ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය. සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් ‘යාවේ’ හෙවත් සමිඳාණන් වහන්සේ කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.
උත්පත්ති 4:25-26 SNRV (Sinhala New Revised Version 2018)
ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය. සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.
උත්පත්ති 4:25-26 NIV (New International Version)
Adam made love to his wife again, and she gave birth to a son and named him Seth, saying, “God has granted me another child in place of Abel, since Cain killed him.” Seth also had a son, and he named him Enosh. At that time people began to call on the name of the LORD.