උත්පත්ති 4:25-26
උත්පත්ති 4:25-26 SCV
ආදම් තම බිරිඳ සමඟ යළි එක් වුණේ ය. ඈ පුතකු බිහි කර, “කායින් අතින් මළ ආබෙල් වෙනුවට දෙවියන්වහන්සේ මට වෙනත් පුතකු දුන් සේකැ” යි කියා, ඔහුට සෙත් යන නම තැබුවා ය. සෙත්ට ද පුතකු උපන්නේ ය. ඔහුට ඒනොෂ් යන නම තබන ලදී. මිනිසුන් ස්වාමින්වහන්සේගේ නාමය කියා යදින්නට පටන් ගත්තේ එකල්හි දී ය.

