උත්පත්ති 39:10-12
උත්පත්ති 39:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දවසින් දවස ඇය යෝසෙප්ට කතා කළ ද, ඇය හා යහන් වදින්නට හෝ ඇය ළඟ සිටීමට ඔහු ඇයට සවන් දුන්නේ නැත. මේ අතර දිනක් ඔහු තම කාරියේ යෙදෙන පිණිස ගෙතුළට ගියේ ය. ගෘහවාසී මිනිසුන්ගෙන් කිසිවකුත් ගෙතුළ සිටියේ නැත. එවිට ඔහුගේ සළුවෙන් ඔහු අල්ලා ගත් ඈ, “මා සමඟ සයනය කරන්නැ” යි කීවා ය. එහෙත්, ඔහු තම සළුව ඇගේ අතේ තියෙන්නට හැර, ගෙයින් පිටතට පලා ගියේ ය.
උත්පත්ති 39:10-12 Sinhala Revised Old Version (SROV)
ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය. තවද මේ කාලයෙහි එක් දවසක ඔහු තමාගේ වැඩකරන පිණිස ගෙට අතුල් විය; ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් එහි ඇතුළෙහි නොසිටියේය. ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය.
උත්පත්ති 39:10-12 Sinhala New Revised Version (NRSV)
දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය. එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේ ය. ඈ ඔහුගේ වස්ත්රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.
උත්පත්ති 39:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය. එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේ ය. ඈ ඔහුගේ වස්ත්රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.
උත්පත්ති 39:10-12 New International Version (NIV)
And though she spoke to Joseph day after day, he refused to go to bed with her or even be with her. One day he went into the house to attend to his duties, and none of the household servants was inside. She caught him by his cloak and said, “Come to bed with me!” But he left his cloak in her hand and ran out of the house.