උත්පත්ති 39:10-12
උත්පත්ති 39:10-12 SROV
ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය. තවද මේ කාලයෙහි එක් දවසක ඔහු තමාගේ වැඩකරන පිණිස ගෙට අතුල් විය; ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් එහි ඇතුළෙහි නොසිටියේය. ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය.

