උත්පත්ති 32:25-27 - Compare All Versions
උත්පත්ති 32:25-27 SROV (Sinhala Revised Old Version)
ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමඟ පොරබදද්දී ඇදීගියේය. උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය. නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.
උත්පත්ති 32:25-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය. එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.
උත්පත්ති 32:25-27 NRSV (Sinhala New Revised Version)
ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි. එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්
උත්පත්ති 32:25-27 SNRV (Sinhala New Revised Version 2018)
ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි. එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්
උත්පත්ති 32:25-27 NIV (New International Version)
When the man saw that he could not overpower him, he touched the socket of Jacob’s hip so that his hip was wrenched as he wrestled with the man. Then the man said, “Let me go, for it is daybreak.” But Jacob replied, “I will not let you go unless you bless me.” The man asked him, “What is your name?” “Jacob,” he answered.