උත්පත්ති 32:25-27

උත්පත්ති 32:25-27 SCV

තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය. එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.