උත්පත්ති 27:5-17 - Compare All Versions
උත්පත්ති 27:5-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ අතර රෙබෙකා, ඊසාක් තම පුත් ඒසව්ට කී දේ අසා සිටියා ය. ඒසව් මසක් දඩයම් කර ගෙනෙන්නට වන වැදුණු කල, රෙබෙකා තම පුත් යාකොබ්ට කතා කොට, “මේ අහන්න! ඔබේ පියා ඔබේ සහෝදර ඒසව්ට කතා කොට, ‘මා මැරෙන්නට පෙර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මගේ ආශිර්වාදය මා ඔබට දෙන පිණිස, මට දඩමස් ගෙනැවිත්, මට කන්නට එයින් රස අහර පිළියෙල කරන්නැ’ යි කියන අයුරු මට ඇහුණා. එබැවින් දැන් මා පුත, හොඳින් අසා, මා කියන දේ කරන්න. ගාලට ගොස්, හොඳ එළු නාම්බන් දෙන්නකු මට ගෙනැවිත් දෙන්න. එවිට ඔබේ පියා ආශා කරන විදියට ම රසවත් කෑමක් මම එයින් සාදන්නම්. එවිට ඔබේ පියා මියෙන්නට කලින් ඔහුගේ ආශිර්වාදය ඔබට දෙන පිණිස, කෑමට ඒවා ඔහු ළඟට ගෙන යන්නැ” යි කීවා ය. එවිට යාකොබ් තම මව වූ රෙබෙකා අමතා, “මගේ සහෝදර ඒසව් ගත පුරා ලෝම ඇති කෙනෙක්. මම මුදු හමක් ඇත්තෙක්; ඇතැම් විට මගේ පියා මා අතගා බලාවි. එවිට මා ඔහු රවටන වගක් පෙනී ගියහොත්, ආශිර්වාදයක් නො ව, මා පිටට එන්නේ ශාපයකැ” යි පැවසී ය. එවිට ඔහුගේ මව, “ඒ ශාපය මා පිට වැටුණාවේ. මා පුත, මා කියන දේ කරන්න. යන්න; උන් මට ගෙනැවිත් දෙන්නැ” යි කීවා ය. එබැවින් ඔහු ගොස්, උන් රැගෙන, තම මව වෙත ගෙනාවේ ය. ඔහුගේ පියා ආශා කරන විදියේ ම ප්‍රණීත අහරක් ඈ ඉන් පිළියෙල කළා ය. ඉන්පසු රෙබෙකා තමා ළඟ, ගෙදර තිබූ තම වැඩිමල් පුත් ඒසව්ගේ හොඳ ම ඇඳුම් ගෙන, තම බාල පුත් යාකොබ්ට ඒවා ඇඳවූවා ය. තවද ඈ, ඔහුගේ දෑත ද ඔහුගේ ගෙලෙහි සුමුදු කොටස ද එළු හමින් වැසුවා ය. ඉන්පසු ඈ, තමා පිළියෙල කර තිබූ රසවත් කෑම හා රොටි තම පුත් යාකොබ් අතට දුන්නා ය.
උත්පත්ති 27:5-17 SROV (Sinhala Revised Old Version)
ඊසාක් තමාගේ පුත්‍රවූ ඒසව්ට කථාකරන කල රෙබෙකාට ඇසුණේය. ඒසව් දඩයම්කොට මුව මස් ගෙනෙන පිණිස වනයට ගියේය. එවිට රෙබෙකා ඇගේ පුත්‍රවූ යාකොබ්ට කථාකරමින්: බලව, නුඹේ පියා–මා විසින් කාලා මාගේ මරණයට ප්‍රථමයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ආශීර්වාදකරන පිණිස මට මුව මස් ගෙනවුත් රසවත් කෑම සාදන්නැයි නුඹේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි. එබැවින් මාගේ පුත්‍රය, මා නුඹට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න. දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් නුඹේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි. නුඹේ පියා කාලා තමාගේ මරණයට ප්‍රථමයෙන් නුඹට ආශීර්වාදකරන පිණිස ඒවා ඔහු වෙතට රැගෙන යන්නැයි කීවාය. යාකොබ් තම මවුවූ රෙබෙකාට කථාකොට: බලව, මාගේ සහෝදරවූ ඒසව් ලෝමික කෙනෙක්ය, මම වනාහි සිලුටු කෙනෙක්ය. සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය. ඔහුගේ මවු: මාගේ පුත්‍රය, නුඹේ ශාපය මා කෙරෙහි වේවා. නුඹ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය. ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය. රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත්‍ර රැගෙන ඇගේ බාල පුත්‍රවූ යාකොබ්ට අන්දවා, එළු පැටියන්ගේ සම් ඔහුගේ අත්වලද සිලුටු බෙල්ලෙහිද ඇන්දෙවුවාය. තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටිද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය.
උත්පත්ති 27:5-17 NRSV (Sinhala New Revised Version)
ඊසාක් සිය පුත් ඒසව්ට මෙය කියනු රෙබෙකා අසාගෙන සිටියා ය. ඒසව් ද දඩයම් කර මුව මස් ගෙනෙනු පිණිස වනයට පිටත් විය. එවිට රෙබෙකා, තම පුත් ජාකොබ් අමතා, “මෙය අහගන්න, නුඹේ පියා නුඹ සොහොයුරු ඒසව්ට කතා කොට, ‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි. එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න. එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි. නුඹ ද එය නුඹේ පියා වෙත රැගෙන යන්න. එවිට ඔහු එය අනුභව කොට මැරෙන්නට පෙර, නුඹට ආශීර්වාද කරනු ඇතැ”යි කීවා ය. එහෙත්, ජාකොබ් තම මව වන රෙබෙකාට කතා කොට, “මාගේ සහෝදර ඒසව් ඇඟ පුරා මයිල් ඇති මිනිසෙකි. එහෙත්, මම සිනිඳු හමක් ඇති කෙනෙක්මි. අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය. එවිට මව ඔහු අමතා, “පුතා, ඒ සාපය මා පිට වැටේ වා! මට කීකරු ව, මා කී දේ සොයාගෙන එන්නැ”යි කීවා ය. ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය. පසුව ඈ, ගෙදර තිබුණු දෙටු පුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන, තම බාල පුත් ජාකොබ්ට හඳවා, ඔහුගේ අත් දෙක හා බෙල්ලේ සිනිඳු හරිය එළු හම්වලින් වසා, ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.
උත්පත්ති 27:5-17 SNRV (Sinhala New Revised Version 2018)

උත්පත්ති 27:5-17 NIV (New International Version)
Now Rebekah was listening as Isaac spoke to his son Esau. When Esau left for the open country to hunt game and bring it back, Rebekah said to her son Jacob, “Look, I overheard your father say to your brother Esau, ‘Bring me some game and prepare me some tasty food to eat, so that I may give you my blessing in the presence of the LORD before I die.’ Now, my son, listen carefully and do what I tell you: Go out to the flock and bring me two choice young goats, so I can prepare some tasty food for your father, just the way he likes it. Then take it to your father to eat, so that he may give you his blessing before he dies.” Jacob said to Rebekah his mother, “But my brother Esau is a hairy man while I have smooth skin. What if my father touches me? I would appear to be tricking him and would bring down a curse on myself rather than a blessing.” His mother said to him, “My son, let the curse fall on me. Just do what I say; go and get them for me.” So he went and got them and brought them to his mother, and she prepared some tasty food, just the way his father liked it. Then Rebekah took the best clothes of Esau her older son, which she had in the house, and put them on her younger son Jacob. She also covered his hands and the smooth part of his neck with the goatskins. Then she handed to her son Jacob the tasty food and the bread she had made.