උත්පත්ති 22:14-19

උත්පත්ති 22:14-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ආබ්‍රහම් එම ස්ථානයට යෙහෝවා-යීරේ යන නම තැබුවේ ය. “ස්වාමින්වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේ” යන කියමන අද දවස දක්වා ව්‍යවහාර වේ. ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම් අමතමින්, “ඔබ මෙසේ කළ නිසාත්, ඔබේ පුතු, ඔබේ එක ම පුතු පූජා කිරීමට ඔබ නො පැකිළුණු නිසාත්, මම මගේ ම නාමයෙන් ඔබට මෙසේ දිවුරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු ද මුහුදු වෙරළේ වැලි ද මෙන් අසංඛ්‍ය වන්නට සලස්සමි. ඔබෙන් පැවතෙන්නෝ ඔවුන්ගේ සතුරන්ගේ දොරටු අත්පත් කර ගන්නෝ ය. ඔබ මට කීකරු වූ නිසා, මිහි පිට සියලු ජාතීන් ඔබේ වංශය තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය. ඉන්පසු ආබ්‍රහම් තම සේවකයින් වෙත ආපසු ආයේ ය. ඔවුහු එක් ව බෙයර්ෂෙබා වෙත පිටත් වූහ. ආබ්‍රහම්, බෙයර්ෂෙබාහි විසී ය.

උත්පත්ති 22:14-19 Sinhala Revised Old Version (SROV)

ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේ ගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති. ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා: නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය.

උත්පත්ති 22:14-19 Sinhala New Revised Version (NRSV)

තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ. සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය. ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.

උත්පත්ති 22:14-19 Sinhala New Revised Version 2018 (SNRV)