උත්පත්ති 22:14-19
උත්පත්ති 22:14-19 SROV
ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේ ගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති. ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා: නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය.

