උත්පත්ති 17:1-4
උත්පත්ති 17:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආබ්රම් අනූනව වන වියට පත් කල, ස්වාමින්වහන්සේ ඔහුට පෙනී, “මම සර්ව පරාක්රම දෙවියන්වහන්සේ ය. මා අබියස හැසිරෙමින් නිර්දෝෂී ව සිටින්න; එසේ මා හා ඔබ අතර මගේ ගිවිසුම මම ස්ථිර කරන්නෙමි. ගණනින් ඔබ බහුල ලෙස වැඩි කරන්නෙමි” යි කී සේක. ආබ්රම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත.
උත්පත්ති 17:1-4 Sinhala Revised Old Version (SROV)
ආබ්රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්රම්ට පෙනී: මම සර්වපරාක්රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. එවිට ආබ්රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්: බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.
උත්පත්ති 17:1-4 Sinhala New Revised Version (NRSV)
ආබ්රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න, මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක. එවිට ආබ්රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක: “මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.
උත්පත්ති 17:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ආබ්රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න, මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක. එවිට ආබ්රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක: “මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.
උත්පත්ති 17:1-4 New International Version (NIV)
When Abram was ninety-nine years old, the LORD appeared to him and said, “I am God Almighty; walk before me faithfully and be blameless. Then I will make my covenant between me and you and will greatly increase your numbers.” Abram fell facedown, and God said to him, “As for me, this is my covenant with you: You will be the father of many nations.