උත්පත්ති 17:1-4
උත්පත්ති 17:1-4 SROV
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්: බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.

