උත්පත්ති 15:12-16

උත්පත්ති 15:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හිරු අවරට යද්දී ආබ්‍රම් බර නින්දකට වැටිණි. එවිට මෙන්න! භයංකර ඝන අන්ධකාරයක් ඔහු පිට පතිත විය. ස්වාමින්වහන්සේ එවිට ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දරු පරපුරට අනුන්ගේ දේශයක විදේශීන් ව සිටින්නට සිදුවන බවත්, වසර හාරසියයක් ඔවුන් වහල් භාවයට පත් වී, තාඩන පීඩන විඳින බවත් සැක හැර දැනගන්න. වහලුන් සේ ඔවුන් සේවය කරන ජාතියට මම දඬුවම් කරන්නෙමි. පසු කලෙක, ඔවුන් මහත් ධන සම්භාරයක් ද සමඟ එතැනින් පිටත් ව එනු ඇත. එහෙත් ඔබ, සාමයෙන් යුතු ව ඔබේ මුතුන් මිත්තන් වෙත යනු ඇත; හොඳ මහලු වයසේදී භූමදාන කරනු ලබනු ඇත. හතර වන පරම්පරාවේදී ඔබෙන් පැවත එන්නන් යළි මෙහි පැමිණෙනු ඇත. මන්ද අමෝරිවරුන්ගේ අයුතුකම, උපරිම තත්වයට තවම පත් ව නැතැ” යි පැවසූ සේක.

උත්පත්ති 15:12-16 Sinhala Revised Old Version (SROV)

ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය. උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න. තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය. සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.

උත්පත්ති 15:12-16 Sinhala New Revised Version (NRSV)

තවද, ඉර බැස යන විට ආබ්‍රම් බර නින්දකට වැටිණි. රුදුරු භීතියකින් ඔහු වෙළී ගියේය. සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, “මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ. එහෙත්, මා ඔවුන් මෙසේ වහල්කමට පත් කළ ඒ ජාතිය විනිශ්චය කළ පසු, ඔව්හු බොහෝ සම්පත් රැගෙන පිටත් ව යන්නාහ. නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය. එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.

උත්පත්ති 15:12-16 Sinhala New Revised Version 2018 (SNRV)