හිරු අවරට යද්දී ආබ්‍රම් බර නින්දකට වැටිණි. එවිට මෙන්න! භයංකර ඝන අන්ධකාරයක් ඔහු පිට පතිත විය. ස්වාමින්වහන්සේ එවිට ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දරු පරපුරට අනුන්ගේ දේශයක විදේශීන් ව සිටින්නට සිදුවන බවත්, වසර හාරසියයක් ඔවුන් වහල් භාවයට පත් වී, තාඩන පීඩන විඳින බවත් සැක හැර දැනගන්න. වහලුන් සේ ඔවුන් සේවය කරන ජාතියට මම දඬුවම් කරන්නෙමි. පසු කලෙක, ඔවුන් මහත් ධන සම්භාරයක් ද සමඟ එතැනින් පිටත් ව එනු ඇත. එහෙත් ඔබ, සාමයෙන් යුතු ව ඔබේ මුතුන් මිත්තන් වෙත යනු ඇත; හොඳ මහලු වයසේදී භූමදාන කරනු ලබනු ඇත. හතර වන පරම්පරාවේදී ඔබෙන් පැවත එන්නන් යළි මෙහි පැමිණෙනු ඇත. මන්ද අමෝරිවරුන්ගේ අයුතුකම, උපරිම තත්වයට තවම පත් ව නැතැ” යි පැවසූ සේක.
උත්පත්ති 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 15:12-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ