උත්පත්ති 13:5-9
උත්පත්ති 13:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ වන විට ආබ්‍රම් සමඟ ගිය ලොත්ට ද එළු බැටළු හා ගව රංචු ද කූඩාරම් ද තිබිණි. එබැවින් ඔවුන් දෙගොල්ලට එක් ව නඩත්තු වීමට තණ බිම්හි ඉඩ නො වී ය. ඔවුනට එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ සම්පත් අධික විය. එහෙයින් ආබ්‍රම්ගේ ගොපල්ලන් හා ලොත්ගේ ගොපල්ලන් අතර කලහ හට ගැනිණි. එකල ඒ දේශයෙහි කානානිවරු හා පෙරිස්සිවරු ද විසූහ. එබැවින් ලොත් ඇමතූ ආබ්‍රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු. මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය.
උත්පත්ති 13:5-9 Sinhala Revised Old Version (SROV)
ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය. ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය. ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය. එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.
උත්පත්ති 13:5-9 Sinhala New Revised Version (NRSV)
ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ. එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය. එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය. එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය. මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
උත්පත්ති 13:5-9 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 13:5-9 New International Version (NIV)
Now Lot, who was moving about with Abram, also had flocks and herds and tents. But the land could not support them while they stayed together, for their possessions were so great that they were not able to stay together. And quarreling arose between Abram’s herders and Lot’s. The Canaanites and Perizzites were also living in the land at that time. So Abram said to Lot, “Let’s not have any quarreling between you and me, or between your herders and mine, for we are close relatives. Is not the whole land before you? Let’s part company. If you go to the left, I’ll go to the right; if you go to the right, I’ll go to the left.”