උත්පත්ති 13:5-9

උත්පත්ති 13:5-9 SROV

ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය. ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය. ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය. එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.

උත්පත්ති 13:5-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය