උත්පත්ති 1:1-12
උත්පත්ති 1:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මූලාරම්භයේදී දෙවියන්වහන්සේ අහස් හා පොළොව මැවූ සේක. පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක. දෙවියන්වහන්සේ, “ආලෝකය වනු” යි කී සේක; එවිට ආලෝකය විය. ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය ජලයෙන් වෙන් වන පිණිස, ජල මැදින් අවකාශයක් වේවා!” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ අවකාශය නිමවා, අවකාශයට ඉහළින් වූ ජලය, ඊට පහළින් වූ ජලයෙන් වෙන් කළ සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “අහසින් යට ජලය එක් තැනකට එක් රැස්වනු; ගොඩ බිම මතු වනු” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව පිට ශාක ද බීජ දරන පැළෑටි හා ඒ ඒ වර්ගයේ බීජ සහිත ව පල හටගන්නා තුරු-ලතා ද පොළොව හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. මෙසේ පොළොව, ඒ ඒ වර්ගයේ බීජ දරන පැළෑටි ද බීජ සහිත ව පල හටගන්නා ඒ ඒ වර්ගයේ තුරු-ලතා ද හට ගැන්වී ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.
උත්පත්ති 1:1-12 Sinhala Revised Old Version (SROV)
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය. දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක. දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය. දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය. දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය. දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
උත්පත්ති 1:1-12 Sinhala New Revised Version (NRSV)
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.
උත්පත්ති 1:1-12 Sinhala New Revised Version 2018 (SNRV)
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය යහපත් බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.
උත්පත්ති 1:1-12 New International Version (NIV)
In the beginning God created the heavens and the earth. Now the earth was formless and empty, darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the waters. And God said, “Let there be light,” and there was light. God saw that the light was good, and he separated the light from the darkness. God called the light “day,” and the darkness he called “night.” And there was evening, and there was morning—the first day. And God said, “Let there be a vault between the waters to separate water from water.” So God made the vault and separated the water under the vault from the water above it. And it was so. God called the vault “sky.” And there was evening, and there was morning—the second day. And God said, “Let the water under the sky be gathered to one place, and let dry ground appear.” And it was so. God called the dry ground “land,” and the gathered waters he called “seas.” And God saw that it was good. Then God said, “Let the land produce vegetation: seed-bearing plants and trees on the land that bear fruit with seed in it, according to their various kinds.” And it was so. The land produced vegetation: plants bearing seed according to their kinds and trees bearing fruit with seed in it according to their kinds. And God saw that it was good.