ගලාති 5:7-15
ගලාති 5:7-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද? මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ. “මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටිය ම පිපෙයි.” මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත. සහෝදරයිනි, මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි. ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන් ම නපුංසක බව තෙක් කප්පාදු කර ගන්නවා නම් මැනවි. මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න. මන්ද: “ඔබ ඔබට ම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත ව්‍යවස්ථාව ම ඉෂ්ට වෙයි. එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න.
ගලාති 5:7-15 Sinhala Revised Old Version (SROV)
නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය. නුඹලා වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම නුඹලා ගැන විශ්වාසකරමි. නුමුත් නුඹලාව වියවුල්කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත. නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය. නුඹලාව වියවුල්කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි. මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න. මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ, නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.
ගලාති 5:7-15 Sinhala New Revised Version (NRSV)
ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද? ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ. ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත. සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ. මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය. සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි. එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
ගලාති 5:7-15 Sinhala New Revised Version 2018 (SNRV)

ගලාති 5:7-15 New International Version (NIV)
You were running a good race. Who cut in on you to keep you from obeying the truth? That kind of persuasion does not come from the one who calls you. “A little yeast works through the whole batch of dough.” I am confident in the Lord that you will take no other view. The one who is throwing you into confusion, whoever that may be, will have to pay the penalty. Brothers and sisters, if I am still preaching circumcision, why am I still being persecuted? In that case the offense of the cross has been abolished. As for those agitators, I wish they would go the whole way and emasculate themselves! You, my brothers and sisters, were called to be free. But do not use your freedom to indulge the flesh; rather, serve one another humbly in love. For the entire law is fulfilled in keeping this one command: “Love your neighbor as yourself.” If you bite and devour each other, watch out or you will be destroyed by each other.