ගලාති 4:21-31
ගලාති 4:21-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට මෙය කියන්න, ව්‍යවස්ථාව යටතේ සිටින්නට ආශා ඔබ, ව්‍යවස්ථාවට කන් දෙන්නේ නැද්ද? මන්ද ආබ්‍රහම්ට පුතුන් දෙදෙනකු සිටි වග ලියා තිබේ; කෙනෙක් වහල් ළඳගෙනි; අනෙක් කෙනා නිවහල් ළඳගෙනි. එහෙත් වහලියගෙන් ලද පුත්‍රයා උපන්නේ මාංසයට අනුව ය; නිවහල් ළඳගෙන් ලද පුත්‍රයා උපන්නේ පොරොන්දුව මගිනි. මෙය උපමාවකට ගත හැකි ය: මේ ළඳුන් දෙදෙනා ගිවිසුම් දෙකකි; ඉන් එකක් වහල්කමට දරුවන් බිහි කරන සීනයි කන්දෙනි: ඒ හාගර් ය. හාගර් අරාබියේ සීනයි කන්ද ය; ඈ වත්මන් යෙරුසලමට අනුරූපී ව, ඇගේ දරුවන් සමඟ වහල්බවෙහි සිටින්නී ය. එහෙත් ස්වර්ගීක යෙරුසලම නිවහල් ය; ඈ අපගේ මාතාවයි. මන්ද මෙසේ ලියවී තිබේ: “ඔහෝ, ප්‍රීති වන්න, දරුවන් නො දැරූ වඳ තැනැත්තිය, ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, සතුටින් මොර හඬ නගන්න; මන්ද ස්වාමි පුරුෂයකු ඇති තැනැත්තියට වඩා, අතැර දමන ලද තැනැත්තියට දරුවන් බොහෝ වෙත.” සහෝදරයිනි, ඊසාක් මෙන් ඔබත් පොරොන්දුවේ දරුවන් ය. එකල, මාංසයට අනුව උපන් පුත්‍රයා, ආත්මයාණන්ට අනුව උපන් පුත්‍රයාට පීඩා කළ අයුරින් දැනුත් සිදු වේ. එහෙත් ශුද්ධ ලියවිල්ල කුමක් කියන්නේ ද? “දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද දාසියගේ පුතා, නිවහල් ළඳගේ පුතා සමඟ උරුමය ලබන්නේ නැත” යන්නයි. එබැවින් සහෝදරයිනි, අප දාසියගේ දරුවෝ නො ව, නිවහල් ළඳගේ දරුවෝ ය.
ගලාති 4:21-31 Sinhala Revised Old Version (SROV)
ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න. මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය. නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ. මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය. මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය. නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය. මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්‍රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ. ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය. නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය. එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි. එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.
ගලාති 4:21-31 Sinhala New Revised Version (NRSV)
ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නෝ ය. මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය. සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය. එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය. ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.” සහෝදරයෙනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝ ය. එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ. එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? “වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි. එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.
ගලාති 4:21-31 Sinhala New Revised Version 2018 (SNRV)

ගලාති 4:21-31 New International Version (NIV)
Tell me, you who want to be under the law, are you not aware of what the law says? For it is written that Abraham had two sons, one by the slave woman and the other by the free woman. His son by the slave woman was born according to the flesh, but his son by the free woman was born as the result of a divine promise. These things are being taken figuratively: The women represent two covenants. One covenant is from Mount Sinai and bears children who are to be slaves: This is Hagar. Now Hagar stands for Mount Sinai in Arabia and corresponds to the present city of Jerusalem, because she is in slavery with her children. But the Jerusalem that is above is free, and she is our mother. For it is written: “Be glad, barren woman, you who never bore a child; shout for joy and cry aloud, you who were never in labor; because more are the children of the desolate woman than of her who has a husband.” Now you, brothers and sisters, like Isaac, are children of promise. At that time the son born according to the flesh persecuted the son born by the power of the Spirit. It is the same now. But what does Scripture say? “Get rid of the slave woman and her son, for the slave woman’s son will never share in the inheritance with the free woman’s son.” Therefore, brothers and sisters, we are not children of the slave woman, but of the free woman.