ගලාති 1:3-5
ගලාති 1:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ වෙතින් හා යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට අනුග්රහයත්, සාමයත් අත් වේවා! උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන් ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්රාය පරිද්දෙනි. උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.
ගලාති 1:3-5 Sinhala Revised Old Version (SROV)
පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක. උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. ආමෙන්.
ගලාති 1:3-5 Sinhala New Revised Version (NRSV)
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ද ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ ද ඔබට කරුණාව හා ශාන්තිය දෙන සේක් වා! ක්රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක. දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
ගලාති 1:3-5 Sinhala New Revised Version 2018 (SNRV)