එස්රා 6:14-15
එස්රා 6:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් යුදෙව් වැඩිහිටියෝ දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත්‍ර සෙකරියාගේත් දිවැස් වැකි පැවසීම යටතේ ගොඩ නගා, සඵල වූහ. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ ආඥාවටත්, කෝරෙෂ්, දාරෙයාවෙෂ් හා අර්තාෂස්තා යන පර්සියානු රජුන්ගේ නියෝගයනටත් අනුව ඔවුහු ඉදිකිරීමේ කටයුතු නිම කළහ. දාරෙයාවෙෂ් රජුගේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දා ගෘහය සාදා සම්පූර්ණ කෙරිණි.
එස්රා 6:14-15 Sinhala Revised Old Version (SROV)
යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද අනාගතවක්තෘවූ හග්ගයිගෙත් ඉද්දෝගේ පුත්‍රවූ ශෙකරියාගෙත් අනාගතවාක්‍ය හේතුකොටගෙන ගොඩනගා සඵලවූවෝය. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේගේ ආඥාවේ හැටියටත් කෝරෙෂ්ගේද දාරියුෂ්ගේද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාගේද නියෝගයේ හැටියටත් ගොඩනගා නිමකළෝය. දාරියුෂ් රජුගේ රජකම්කිරීමේ හවෙනි අවුරුද්දේ අදාර් මාසයේ තුන්වෙනි දින මේ ගෘහය නිමකරන ලද්දේය.
එස්රා 6:14-15 Sinhala New Revised Version (NRSV)
ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී.
එස්රා 6:14-15 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය. දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී.
එස්රා 6:14-15 New International Version (NIV)
So the elders of the Jews continued to build and prosper under the preaching of Haggai the prophet and Zechariah, a descendant of Iddo. They finished building the temple according to the command of the God of Israel and the decrees of Cyrus, Darius and Artaxerxes, kings of Persia. The temple was completed on the third day of the month Adar, in the sixth year of the reign of King Darius.